Colombo Today Local Newsfeatured

මේ ජාතියේ චීවර පූජාවයි – බුද්ධ භූමිය ආරක්‍ෂා කරදෙන්න මහාසෑය අභියස සාදුකාර හැටදහසක්

අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අබියස පැවැත්වීමට යන උතුම් පින්කමක් ගැන වාර්තා විය’ ඒ සාමාන්‍ය පින්කමක් නොවේ’ හැටදහසක් සිවුරු පූජා කරන ජාතියේ මහා චීවර පූජාවය’ මෙවැනි උතුම් පින්කමක් මීට පෙර වාර්තා වී ඇත්තේ අනුරාධපුර යුගයේ මහසිළු මහතිස් රාජ්‍ය පාලනයේදී පමණි’

මහසිළු මහතිස් (මහා චූලික මහා තිස්ස) රාජ්‍යත්වයට පත්වීමට පෙර පාලකයා වූ වළගම්බා රජුට අනේකවිධ සතුරු කරදරවලට මෙන්ම ස්වාභාවික විපත්වලට මුහුණදීමට සිදු විය’ බැමිණිතියා සාය නම් වූ සාගතය ඇති වූයේ ද වළගම්බා පාලනයේදී බව ඉතිහාසයේ සඳහන් වේ’ වළගම්බා රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් මහසිළු මහතිස් (මහා චූලික මහා තිස්ස) රජු විසින් සුඛිත මුදිත සමාජයක් නිර්මාණය කිරීම වස් ආධ්‍යාත්මික බලය ගොඩනැංවීම අරමුණු කොටගෙන මහ සඟරුවන වෙත සැට දහසක (60000) සිවුරු පූජා පින්කම් දෙකක් සිද්ධ කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ’ මහසිළු මහතිස් රජුගේ නායකත්වය යටතේ සිද්ධ කෙරුණු එම උතුම් පින්කම්වලින් පසු ස්වාභාවික විපත්” සතුරු අනතුරු නොමැතිව සශ‍්‍රීක ලෙස රට ගොඩනැඟුණු බව ද ඉතිහාසයේ සඳහන් වේ’

මේ නිර්මාණය වෙමින් ඇත්තේ ද සංගායනාවට ඇවැසි කාලයයි’ නිදහසින් පසු වසර හැත්තෑවක් තිස්සේ අප අත්විඳි අවාසනාවන්ත තත්ත්වයෙන් රටත්” ජාතියත්” ශාසනයත් මුදවාගැනීමට සුදුසු කාලයයි’ අසමගියෙන්” මිථ්‍යාවෙන්” සුරාවෙන්” කම්මැලිකමින් මුදා සම්මා දිට්ඨියෙහි පිහිටුවිය යුතු කාලයයි’ ඒ සඳහා දියුණු ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් ආරම්භ විය යුතුය’ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සංකල්පයක් සහ අනුශාසකත්වය යටතේ මේ උත්තම ගනයේ සිවුරු පූජාව සිද්ධ කරනු ලබන්නේ යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා ඇවැසි ආධ්‍යාත්මික වැඩපිළිවෙළේ ආරම්භයක් ලෙසය’ එහෙත් මේ දැවැන්ත පින්කම ඥානසාර හිමි ඇතුළු තවත් කිහිපදෙනකුට පමණක් කළ නොහැකිය’ අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අභියස සිවුරු පූජා කිරීම සඳහාම හැටදහසකට වැඩි සැදැහැවත් පිරිසක් සිටිය යුතුය’ එමෙන්ම සිවුරු හැටදහසක් මිලට ගැනීම යනු විශාල මුදලක් වැය වන දැවැන්ත කර්තව්‍යයකි’ එම සිවුරු පූජා කිරීමට මහ සංඝයා එක්රැුස් කිරීම ඊටත් වඩා අසීරු කටයුත්තකි’ මේ සියලූ ගැටලූ නිරාකරණය කරගනිමින් මේ උත්තම පින්කම සාර්ථක කරගන්නේ කෙසේද යන්න විමසා බැලීමට අපි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැදැක” උන්වහන්සේ සමඟ ඒ ගැන සාකච්ඡා කළෙමු’ පහතින් පෙළගැසෙන්නේ ඥානසාර හාමුදුරුවො ජාතියේ මහා චීවර පූජාව ගැන කියන කතාවය’

“මෙවැනි පින්කමක් කරන්න මට අදහස ආවේ 2016 වර්ෂයේදී හිරේ ඉන්නකොට. සිරගත වෙලා ඉන්නකොට බොහොමයක් පොත්පත් කියවන්න අවස්ථාව ලැබුණා. ඒ අතර ටිබෙට් ජාතික එස්’ මහින්ද හිමි ලියපු ජාතික තොටිල්ල පොත, උඩරට කැරැල්ල, මහාවංශයේ පරිච්ඡේද ගණනාවක් කියවන්න මට අවස්ථාව ලැබුණා. ජාතික තොටිල්ල පොතෙන් හරි අපූරු කවියක් කියවන්න ලැබුණා…

මහ සිළු මහතිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම සිතනු සොඳා

ඒ කවියෙන් කියැවෙන්නේ අනුරාධපුර යුගයේ මහසිළු මහතිස් රජතුමා විසින් කරපු සිවුරු පූජාවක් ගැන. මේ කවිය මගේ හිතට තදින් කා වැදුණා. දෙවතාවක් කියනකොට කටපාඩම් හිටියා. මේ කවිය ඇතුළේ විශාල පින්කමක් ගැන කතාවක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම තේරුම් ගත්තා. ඊට පස්සේ මම මහාවංශය කියවාගෙන යනකොට තිස්හතර වැනි පරිච්ඡේදයේදී මහසිළු මහතිස් රජතුමා ගැන සඳහන් වෙලා තිබුණා. ඒ රජතුමාගේ කාලයේදී රටට සශ‍්‍රීකත්වය ප‍්‍රාර්ථනා කරලා අවස්ථා දෙකකදී සිවුරු පූජාවන් පවත්වලා තිබුණා. එක අවස්ථාවකදී මහතිස් රජතුමාගේ වියදමින් සිවුරු තිස්දහසකුත්, දෙවැනි අවස්ථාවේදී සිවුරු හැටදසකුත් පූජා කරලා තිබුණා. එස් මහින්ද හාමුදුරුවො ඒ පින්කම ගැන ජාතික තොටිල්ල පොතට ඇතුළත් කරලා තිබුණේ මේ පින්කමේ විශාල වටිනාකමක් තිබෙන නිසා. ඒ වගේම හැම අවස්ථාවකදීම සිංහලයන්, බෞද්ධයන් විසින් සිහිකටයුතු පින්කමක් බවත් මහින්ද හාමුදුරුවන්ගේ කවියේ අන්තර්ගත වෙලා තිබුණා. ඉතිං මට කල්පනා වුණා අධර්මය බලවත් වී අධර්මවාදී බලවේගවල පහසු ගොදුරක් බවට පත්ව තිබූ අපේ රටේ ධර්මය දිනවීමට නම් මෙවැනි උතුම් පින්කමක් සිද්ධ කිරීමට ඇවැසි බව. ඒ වගේම රට වෙලාගෙන තිබෙන මිථ්‍යා දෘෂ්ටික අධර්මවාදය පරදවලා ධර්මය දිනවීමට නම් අපේ හාමුදුරුවො එක්ක යම්කිසි බුද්ධිමය සංවාදයක් ගොඩනඟාගැනීමට අවශ්‍ය බවත් තේරුම් ගත්තා. ඒ අනුව කල්පනා කරනකොට “සංඝානු භාවේන ජාතියේ චීවර පූජාව” කියලා පින්කමට සුදුසු නමකුත් මගේ සිතට ආවා. මහසිළු මහතිස් රජතුමා සිද්ධ කරපු ඒ චීවර පූජාව අදට ගැලපෙන පරිදි කෙසේ හෝ සිද්ධ කරන්න ඕනෑ කියලා තීරණය කළා. ඒ වගේම මොන ආකාරයේ දුෂ්කරතා, බාධක පැමිණියත් අනිවාර්යයෙන්ම සිවුරු හැටදහසක පූජාව මම කරනවා කියලා අධිෂ්ඨාන කරගත්තා…

මේ පින්කම සිද්ධ කිරීමට සැලසුම් කළේ 2017 වර්ෂයේදී. ඒත් ඒ කාලයේදී ඇති වූ දේශපාලන විපර්යාස, බෞද්ධ කටයුතුවලට පැනවෙච්ච වාරණ, අදාළ වගකිවයුතු ආයතනවල සිටි මැති ඇමැතිවරුන්ගෙන් අපිට අවශ්‍ය සහයෝගය නොලැබීම ආදී කරණුකොටගෙන මේ පින්කම මාසෙන්, මාසයට කල් ගියා. පහුගිය කාලේ අපි මේ පින්කම සිද්ධ කරන්න හදනකොට ඇතැම් හාමුදුරුවො පවා විරුද්ධකම් කළා. සමහර අය චෝදනා කළා සිවුරු පූජාව හරහා ඇතැම් ජනාධිපති අපේක්‍ෂකයෙක්ව පුම්බන්න හදනවා කියලා. අධර්මවාදීන් මගේ උතුම් අරමුණ දේශපාලන පාපන්දුවක් බවට පෙරළගත්තා. මම ඒ සියල්ල ඉවසා දරාගෙන හිටියා. දැන් අපිට මේ පින්කම කරන්න සුදුසු පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අනුව තමයි එළැඹෙන පෙබරවාරි 22 වැනිදාට ‘සංඝානු භාවේන ජාතියේ චීවර පූජාව’ සිද්ධ කිරීමට කටයුතු සූදානම් කරගෙන යන්නේ…

මේ පින්කම සිද්ධ කිරීමේ ප‍්‍රධාන පරමාර්ථ තුනක් තියෙනවා. නිදහසින් පසු ගෙවුණු 71 ක් වසරක කාලය තුළ මේ රට තුළ අභ්‍යන්තර කෝලාහල නිසා අවම වශයෙන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් මිය පරළොව ගිහින් තියෙනවා. කැලඹුණු සිතින්, ද්වේෂසහගත, පටිඝ සිතින් මරණයට පත් වෙච්ච ඒ අය වෛරක්කාර සිතින් නැවත පුනර්භවය ලබලා මගතොටේ, රජමැඳුරු ඇතුළු බොහෝ තැන්වල උත්පත්තිය ලබලා ඇති. එහෙම ජන්මලාභීන් මේ රටට යහතින් ගොඩනැෙඟන්න දෙන්නේ නෑ. තිරෝ කුඞ්ඩ ආදී සූත‍්‍රවල පවා එවැනි පුනර්භවයන් ගැන සඳහන්කොට තියෙනවා. රටේ භික්‍ෂූන් වහන්සේලා විදිහට අපි මේ ප‍්‍රශ්න දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලා විසඳුම් සෙවීමට කටයුතු කරන්න ඕනෑ. ඒ අනුව තමයි, ඒ ආකාරයෙන් මිය පරලොව ගිය සියලූම දෙනා සිහිපත් කොට රුවන්මැලිසෑය ඉදිරිපිට සාධුකාර හැටදහසක් පවත්වලා පැන් වඩා පින් අනුමෝදන් කර ඒ අයට සුගතිය ප‍්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ…

ඒ වගේම පහුගිය කාලයේදී හිටි හැටියේ ආයුධ ගබඩා පිපිරුණා. කඳු නාය ගොස් ගම් පිටින් වැළලූණා. බලාපොරොත්තු නොවුණු ගනයේ ස්වාභාවික විපත්වලට මේ රට ගොදුරු වුණා. මගේ රටට නැවත කිසිදු ආකාරයක ස්වාභාවික විපත්තියක් නැතුව රටේ මිනිස්සුන්ට දුකක් කරදරයක් නැතිව සතුටින්, සාමදානයෙන් ජීවත්වීමට මේ බුද්ධ භූමිය ස්වාභාවික විපත්තීන්ගෙන් ආරක්‍ෂා වේවා කියා ප‍්‍රාර්ථනා කිරීම තමයි මේ පින්කමේ දෙවැනි අරමුණ. ඒ වගේම ලංකාවේ වැඩ සිටින සියලූම හාමුදුරුවො එකතැනකට වඩම්මවන්න අසීරු කටයුත්තක්. ඒක බුද්ධ කාලේදීවත් කරන්න බැරි වුණා. ඒ නිසා අපි මේ පින්කම කොටස් වශයෙන් තමයි සිද්ධ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. පළමු කොට සිවුරු හැටදහසම රුවන්මැලිසෑය ඉදිරිපිට සාංඝික වශයෙන් පූජා කරලා නැවත ඒ සිවුරු ටික එකතු කරගෙන, තෝරාගත් දිස්ත‍්‍රික් දහඅටක් පුරා සංචාරය කරමින් අපේ හාමුදුරුවො මුණගැහෙමින් සිවුරු දෙක බැගින් පූජා කරනවා. ඒ සමඟ සංගායනාවට කාලය ගැන ඒ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරනවා. අපේ රටේ බහුතර භික්‍ෂූන් වහන්සේලා මේ ආගමික අන්තවාදය, ආගමික මූලධර්මවාදය, සංස්කෘතික ආක‍්‍රමණය ගැන පූර්ණ දැනුවත් වීමක් නෑ. ඒ නිසා ගමේ රජුන් වගේ සිටින හාමුදුරුවන් මේ කරුණු ගැන දැනුවත් කිරීමින්, ජාතියක් විදිහට ඉදිරියට වැඩ කළ යුතු ආකාරය ගැන සාකච්ඡුා කිරීම තමයි මේ පින්කමේ ඇති වැදගත්ම අරමුණ. ඒ ආකාරයෙන් රට පුරා වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා හතළිස් දහසෙන්, තිස්දාහකටවත් කතා කිරීම තමයි අපේ ප‍්‍රධාන පරමාර්ථය…

මේක සාමාන්‍ය පින්කමක් නෙමෙයි. විශාල පිරිවැයක් දැරිය යුතු දැවැන්ත පින්කමක්. පින්කමේ ප‍්‍රධානම කටයුත්ත සිවුරු හැටදහස එකතු කරගැනීම. දැන් අපි කාලයක ඉඳලා සිවුරු එකතුකරගැනීම සඳහා විශාල වෑයමක් දරනවා. සිවුරු නිෂ්පාදනයට නම් දිනා ඇති තායිලන්තයෙන් කොලිටි කිහිපයක් යටතේ කොටේෂන් ගෙන්නගෙන බැලූවා. ඒ කොටේෂන් එකට අනුව හොඳම සිවුරක් ලබාගැනීමට අවම වශයෙන් රුපියල් දෙදහස් පන්සීයක් විතර වැය වෙනවා. අපි සිවුරකට දායකත්වය ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ රුපියල් දෙදහයි’ ඊට පස්සේ අපි ඉන්දියාවේ සිවුරු නිෂ්පාදන ආයතනයකට කතා කරලා පින්කම ගැන පැහැදිළි කරලා සිවුරකට වියදම් කළ හැකි උපරිම මුදල දැනුම් දුන්නා. ඒ ආයතනය විසින් අපේ උපරිම මුදලට හොඳම වර්ගයේ සිවුරක් ලබාදෙන්න කැමත්ත ප‍්‍රකාශ කළා. ඒ අනුව මේ වෙනකොටත් සිවුරු හැටදාහස පිළියළ කරන්න ඉන්දීය ආයතනයට භාර දීලා තියෙනවා. දැනට අපිට සිවුරු කන්ටේනර් දෙකක් ලැබිලා තියෙනවා. ඒවට අපි යම් මුදලක් ගෙවලත් තියෙනවා. දැන් ඒ කටයුත්ත බොහෝ දුරට අහවරයි. ඊළඟට අපිට තියෙන ප‍්‍රධාන කාරණය මේ සිවුරු මහා සංඝරත්නයට පූජා කිරීම සහ දායක, දායිකාවන් සම්මාදම් කරගැනීම…

මේ වෙනකොටත් මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වගේම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ පින්කම ගැන සමාජය දැනුවත් කරලා තියෙනවා. ඒ සමඟ සම්පත් දායකයො විශාල වශයෙන් අපි සමඟ සම්බන්ධ වෙමින් සිටිනවා. ඒ වගේම පින්කම පැවැත්වෙන පෙබරවාරි 22 වැනිදාට රුවන්මැලිසෑය අසලට බැතිමතුන් හැටදසකට වැඩි පිරිසක් සහභාගි කරවාගත යුතුය. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිස නියෝජනය වන පරිදි, කය මනස නිරෝගීමත් සිතීමේ ශක්තියෙන් සහ නිර්මාණ ශක්තියෙන් පිරිපුන් යෞවන, යෞවනියන්ට රුවන්මැලිසෑයට එක්රැස් වන ලෙසට විශේෂයෙන්ම අපි මතක් කර සිටිනවා. ඒ වගේම සංවිධානයක් විදිහට කිසිම සම්මාදමක් නැතිව තමයි අපි මේ වෙනකම් වැඩකටයුතු කරගෙන ආවේ. අපේ වැඩපිළිවෙළ ගැන අවබෝධයෙන් ඉතාම සුළු පිරිසක් තමයි, අපිට මුදල්මය අනුග‍්‍රහය දක්වන්නේ්. ඒත් මේ පින්කම සිද්ධ කිරීමට විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා පළමු වතාවට අපි රටේ ජනතාවගෙන් සම්මාදමක් බලාපොරොත්තු වෙනවා. ඔබ ඒ සම්මාදම් මුදල ලබාදෙන්නේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්‍ෂාව උදෙසා සිද්ධ කරනු ලබන ‘ජාතියේ මහා චීවර පූජාව’ සාර්ථක කරගන්න. ඒ නිසා සිවුරක දායකත්වය ලබාදෙමින් ඒ උතුම් පින්කමට සම්මාදම් වෙන්න පුළුවන්…

ඒ වගේම මේ සිවුරු පූජාවක්ම විතරක් නෙමෙයි. අධර්මය පලවාහැර, ධර්මය දිනවීමේ විශාල ජාතික වැඩපිළිවෙළක් මේ පින්කමෙන් සිද්ධ වෙනවා. මහා දුක්කම් සූත‍්‍රයේ මජ්ඣිම නිකායේ, පාසාදික සූත‍්‍රයේ දීඝ නිකයේ, අංගුත්තර නිකායේ ඒක ධම්මපාලියේ මිථ්‍යා දෘෂ්ටික බලවේගවලින් බෞද්ධ සමාජය ආරක්‍ෂා කරගන්නා ආකාරය ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කර තියෙනවා. බුදුමඟ අනුව යමින් තමයි, අපි මේ පින්කම සංවිධානය කරන්නේ. ඒ නිසා සෑම කෙනෙකුටම මේ පින්කමට සම්මාදම් වෙන්න කියා මෛත‍්‍රී සහගතව ඉල්ලා සිටිනවා… ධර්මිෂ්ට සමාජයක් නිර්මාණය කරගැනීමේ අරමුණින් සිද්ධ කිරීමට යන “සංඝානු භාවේන ජාතියේ මහා චීවර පූජාව” ගැන ඥාණසාර හාමුදුරුවො සවිස්තරාත්මක පැහැදිළි කළහ.

ජාති, ආගම් බේදයකින් තොරව ජීවිතයේ සුන්දරත්වයට ආධ්‍යාත්මික මං සොයන අපේ යෞවන යෞවනියන් සියලූ දෙනා එළැඹෙන පෙබරවාරි 22 වැනිදාට අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අභියසට එක්රැස්ව ජාතියේ මහා චීවර පූජාවට සම්මාදම් වන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම ජාතියක් ලෙස නැගී සිටීමට නම් ජාතික සමගිය තහවුරු කළ යුතුය. රට වෙලාගෙන සිටින අනේකවිධ සංස්කෘතික ඝාතක කල්ලි වෙන්කොට හඳුනාගෙන සියලූ ජන කොටස් වෙත සහෝදරත්වයේ දෑත් දිගුකොට ඔවුන්ද මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙළට එකතු කරගැනීම ප‍්‍රධාන අරමුණක් විය යුතුය. රෝගී වී ඇති මේ සමාජය නිරෝගීමත් කළ හැක්කේ එසේ කිරීමෙන් පමණි.

මේ උත්තම පින්කම සාර්ථක කරගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබාදීමට කැමති ඔබට 0112866090 දුරකථන අංකය ඔස්සේ බොදු බල සේනා ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කළ හැකිය. එමෙන්ම 0773222260, 0713222260, 0766880030 ජංගම දුරකථන අංක ඔස්සේ චීවර පින්කමේ සංවිධායක මහත්වරුන්ට කතා කළ හැකිය, විදේශීය රටවල සිටින සැදැහැවත් ඔබට info@bodubalasena.org ඊමේල් ලිපිනය හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැකිය’

ලංකා බැංකුව, ගිණුම් අංක 73308824, ගිණුමේ නම: බොදුබල සේනා ජාලය, සම්පත් බැංකුව ගිණුම් අංක 002960004011, ගිණුමේ නම: බොදුබල සේනා ජාලය යන බැංකු ගිණුම්වලට ආධාර කල හැක.

Divaina -තරංග රත්නවීර /සිරිමන්ත රත්නසේකර

Related posts

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday

ටිපරයක් සහ මෝටර් රියක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ

Admin

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday