Colombo Today Local Newsfeatured

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් පවත්වපු පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ වහාබ්වාදයට වඩා දරුණු “සලාෆි වාදයක්’ ගැන කතා කරා. වහබ්වාදය ගැන යම් කතිකාවතක් ලංකාව ඇතුළේ සිද්ධ වෙලා තිබුණත් “සලාෆිවාදය” කියන වචනය නම් බොහෝ දෙනාට අලුත් වචනයක් බවට පත්වුණා. පසු ගිය දවසක එක්තරා නිවසක කාන්තාවන් හතරක් විවාහ කරගෙන දරුවන් විසි අට දෙනෙක්ට තාත්තා බවට පත් වුණු  මුස්ලිම් ජාතිකයෙක් පිලිබඳව රූපවාහිනී ප්‍රවෘත්ති මඟින් අනාවරණය වුණා. ඥානසාර හාමුදුරුවෝ කියපු විදිහට නං ඒක අපිට අලුත් සිද්ධියක් වුණාට මේ වගේම දරුවන් රාශියක් සිටින මධ්‍යස්ථාන කීපයක් රටපුරා පිහිටලා තියෙනවලු. ඒ අය සලාෆි වාදයට ආකර්ෂණය වුණු පිරිස් කියලා තමයි ඥානසාර හාමුදුරුවෝ පැහැදිලි කරේ. මේ නිසා අපි හිතුවා සලාෆි වාදය ගැන සියලු දෙනාම යම් තරමක් දුරට හෝ දැනුවත් වීම වැදගත් කියලා. ඒ වෙනුවෙන් ලියැවුණු කෙටි ලිපියක් තමයි මේ.

1. සලාෆිවාදයේ සුල මුල

Image Source – brookings.edu

සලාෆි වාදීන්  විශ්වාස කරන විදිහට ඔවුන් අදහන්නේ ඉස්ලාමයේ ශුද්ධ වූ ස්වරූපය. ඒ කියන්නේ පිරිසිදුම ඉස්ලාම් දහම. වෙනත් කිසිම කොටසක් පිරිසිදු ඉස්ලාම් දහම අදහනවා කියලා සලාෆිවාදීන් විශ්වාස කරන්නේ නෑ. නමුත් ඔවුන් හිතන විදිහට නරකම මුස්ලිම්වරයාටත් වඩා මිථ්‍යාදෘෂ්ටිකයා නරකයි.

සලාෆි කියන වචනයේ නිරුක්තිය හොයාගෙන ගියොත් ඒ වචනෙ “භක්තිමත් පැරැන්නෝ” වගේ තේරුමක් දෙන අරාබි වචනයකින් එන්නේ. මේ භක්තිමත් පැරැන්නන් විදියට සලාෆිවාදීන්  හඳුන්වන්නේ මොහොමඩ් නබිතුමාගේ පරම්පරාව සහ ඒ ආශ්‍රිත පරම්පරා තුන. ඒ සඳහා ඔවුන් පාදක කර ගන්නේ මොහොමඩ් නබිතුමාගේ ප්‍රකාශයක්. එතුමාට අනුව විශිෂ්ටතම පිරිස වන්නේ තමන්ගේ පරම්පරාවත් ඉන් පසුව එන පරම්පරාවත් සහ ඊටත් පසුව එන පරම්පරාවත් පමණයි. මේ ප්‍රකාශය පදනම් කරගනිමින් සලාෆි වාදීන් උත්සාහ කරන්නේ ඒ පරම්පරා තුනේ ක්‍රියාකාරකම් ඒ ලෙසටම අනුකරණය කිරීමයි.

2. සලාෆිවාදයේ ආරම්භය

Image Source – bcalnoor.org

බොහෝ සලාෆි වාදීන් තමන්ගේ ආරම්භය සෞදි අරාබියේ සිද්ද වුණා කියලා කියන්න රුචිකමක් දක්වනවා. නමුත් සලාෆිවාදය ගැන අධ්‍යයනය කරපු බොහෝ උගතුන්ගේ මතය වෙන්නේ මොවුන්ගේ ආරම්භය සිද්ධ වුණේ ඊජිප්තුවෙන් කියලා. නමුත් මේ කතාව ප්‍රතික්ෂේප කරන සලාෆිවාදීන් තමන්ගේ ආරම්භය ගැන ව්‍යාජ මූලාශ්‍ර ලබා දෙනවා. කොහොම වුණත් සෞදි අරාබිය තුළ වහබ්වාදය ජනප්‍රියවීමත් සමඟ සලාෆිවාදයත් ජනප්‍රිය  වුණා  කියන මතය එක්ක නම් බොහෝ උගතුන් එකඟ වෙනවා.

3. සලාෆිවාදීන්ගේ ව්‍යාප්තිය

Image Source – oasiscenter.eu

පර්සියානු බොක්ක ආශ්‍රිත රටවල් සලාෆිවාදීන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත්වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සෞදි අරාබියේ ප්‍රධාන සුළුතරය බවට පත්වෙලා තියෙන්නෙ සුන්නි සලාෆිවාදීන්. කටාර් රාජ්‍යය තුළ සහ එමිරේට්ස් රාජ්‍ය‍ය තුළ සලාෆි සුන්නි බැතිමතුන් ප්‍රමාණය සියයට 40 ඉක්මවා යනවා. බහරේන් සහ කුවේට් රටවල නම් සලාෆිවාදීන් සිටින්නේ 5%කටත් වඩා අඩු ප්‍රමාණයක්. නමුත් චීනය තුර්කිය වැනි රටවල් වල පමණක් නොව යුරෝපා රටවලත් සලාෆිවාදී බැතිමතුන්ගේ සැලකියයුතු තරමේ සුලුතරයක් සිටින බවට සංඛ්‍යා දත්ත ලැබිලා තියෙනවා. ඒ නිසා ඇතැම් බටහිර රටවල් සෘජුවම සලාෆිවාදීන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

4. සලාෆිවාදීන් වර්ග

Image Source – altahrir.wordpress.com

සලාෆිවාදීන් කොටස් තුනකට වර්ග කිරීම සිද්ධ වෙනවා. මේ වර්ග කිරීම සිදු කරන්නේ බටහිර මාධ්‍ය තුළින්. ඒ ඔවුන්ගේ පහසුව සඳහා. සලාෆිවාදීන් ගේ මුල් කොටස දේශකයන් ලෙස හඳුන්වනවා. ඔවුන් සිද්ධ කරන්නේ ඉස්ලාම් ආගම පැතිරීම සඳහා දේශනා පැවැත්වීමයි. දෙවෙනි කොටස හඳුන්වන්නේ ජිහාඩ්වාදීන් ලෙසයි. ඔවුන් ඉස්ලාම් ආගම පැතිරීම සහ නැවතත් කාලිෆ්වරයෙක් යටතේ ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය භාවිතා කරනවා. තුන් වෙනි කොටස හඳුන්වන්නේ දේශපාලන කොටස ලෙසයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ රටක පාලන බලය ලබා ගැනීම තුළින් ඉස්ලාම් දහම  ප්‍රමුඛස්ථානයට පත්කිරීම සහ එම ආගම ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමයි.

ජිහාඩ්වාදයට සලාෆි ඇදහීම් තුළින් මූලිකත්වයක් ලැබෙන නිසා බොහෝ ත්‍රස්තවාදී සංවිධානවල සලාෆිවාදීන් සිටින බව නොරහසක්. ඒ නිසා වහබ්වාදය සේම සලාෆිවාදයත් අන්තවාදයක් ලෙස සැලකීම කිසිසේත්ම වරදක් නෑ.

5. ආගමික ගුරුවරුන් පිළි නොගැනීම

Image Source – brookings.edu

බොහෝ සුන්නි මුස්ලිම් බැතිමතුන් කුරාණය සහ ආගමික කටයුතු වල අර්ථ නිරූපණ ලබාගැනීමේදී ආගමික ගුරුවරුන්ගේ මතය කෙරෙහි දැඩි සැලකිල්ලක් යොමු කරනවා. නමුත් සලාෆිවාදීන්ගේ ඇති විශේෂත්වය නම් ඔවුන් කිසිවෙක් විටකත් එසේ ජීවත් වන ගුරුවරුන් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමයි. ඉස්ලාම් දහම පිළිබඳව යම් ගැටලුවක් පැන නැගුණ විට ඉහත සඳහන් කළ අයුරින් පැරණි පරම්පරා තුනෙහි ක්‍රියාකාරීත්වය කුමක්ද යන්න ගැන පමණක් සලාෆිවාදීන් අවධානය යොමු කරනවා.

6. සලාෆිවාදීන්ගෙන් ඇඳුම් පැළඳුම්

Image Source – scarletpensieve.blogspot.com

වෙනත් මුස්ලිම් බැතිමතුන්ට වඩා සලාෆිවාදීන් භාවිතාකරන ඇඳුම්වල විශේෂත්වයක් තිබෙනවා. සලාෆිවාදය අදහන  පිරිමි මොහොමඩ් නබිතුමා අනුකරණය කරන්නට මෙන් සුදු ලෝගුවක් වැනි ඇඳුමකින් සැරසෙන අතර දිගු රැවුලක් වැවීම සිද්ධ කරනවා. එම අඳිනු ලබන සුදු ලෝගුව  තමන්ගේ වළලුකර දක්වා පමණක් දික් කිරීමට ඔවුන් වගබලා ගන්නවා. තමන්ගේ ඇඳුම් පැළඳුම් පොළොව සමඟ ස්පර්ශ නොවිය යුතුයි කියලා ඔවුන් විශ්වාස කරනවා. සලාෆිවාදී කාන්තාවන් නබිතුමාගේ භාර්‍යාවන් අනුකරණය කරමින් තද වර්ණවලින් පැහැ ගැන්වුණු නිකාබ ඇඳීම සිද්ධ කරනවා.

7. බහු විවාහය

Image Source – newshub.lk

සලාෆිවාදීන් ඉහත කී පරිදි පැරණි පරම්පරා තුන අනුගමනය කරමින් බහු විවාහය කෙරෙහි දැඩි ආකර්ෂණයක් දක්වනවා. තමන් ජීවත්වන රටේ නීති පද්ධතිය තුළින් රිංගා හෝ බහු විවාහයක් සිදුකිරීමට ඔවුන් වග බලා ගන්නවා. පසුගිය දා රූපවාහිනී මගින් පෙන්වූ සිද්ධියට පදනම් වුණේ මෙවැනි සිදුවීමක්. බහු විවාහ මගින් කාන්තාවගේ ආරක්ෂාවත් පුරුෂයාගේ තෘප්තියත් ලබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වෙනවා.

මේ ලිපිය සලාෆිවාදය ගැන ඉතාමත් කෙටි ලිපියක්.

www.lifie.lk

Related posts

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

colombotoday

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

colombotoday

ධීවරයන්ට හා නාවුක හමුදාවට අනතුරු ඇඟවීමක්

colombotoday

“දෙන්නා සෙට්වෙලා තමයි ගේම දෙන්නෙ“ – රාජිත රහසක් හෙළි කරයි

colombotoday