Colombo Today Local News

මොරටුව සිට කොළඹට මංතීරු 6ක මාර්ගයක්

වාහන තදබදය අවම කිරීම සඳහා මොරටුව සිට කොළඹ කොටුව දක්වා මංතීරු 6ක මාර්ගයක් ඉදි කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව ජැයිකා ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මීට වසර 15ට පෙර ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම නිසා වාහන තදබදය වැඩි වී ඇති බවත් ඉදිරි වසර 5 තුළ හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඒ මහතා කීය.‍

වාහන තදබදය අවම කිරීම සඳහා වාහන ගෙන්වීම අවම කිරීම වාහන මිල ඉහළ දැමීම ආදී දේ ක්‍රියාත්මක කළ ද වාහන තදබදය අවම කිරීමට එය හේතුවක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදය අවම කිරීම සඳහා ප්‍රථම පියවර ලෙස පොල්ගහවෙල සිට පොතුහැර දක්වාත් ඊට පසුව පොතුහැර සිට මහව දක්වාත් ද්විත්ව මාර්ග ඉදිකරන බවද කුරුණෑගල ‍නගරයේ අධික වාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

Related posts

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

පාතාල සාමාජික ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරු දකී

colombotoday

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday