Colombo Today Local News

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

duminda nagamuwaකොළොන්නාව නගර සභාවේ නගරාධිපති ඇතුළු පිරිසක් පැමිණ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්දට එරෙහිව පැවති ජනතා උද්ඝෝෂණයක් වෙත මැර ප්‍රහාරයක් එල්ල කිරීම (27) පිළිබඳ අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසුවේ අද පැවතී පුවත්පත් සාකච්චාවකට එක් වෙමිණි.

එහිදී අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය.

“මීතොටමුල්ල කුණු කන්ද එරෙහිව ජනතා උද්ඝෝෂණය 2012 වර්ෂයේ ආරම්භ වුණු මොහොතේ සිට විවිධ ආණ්ඩු විවිධ දේශපාලඥයන් මේ සඳහා මැදිහත් වුවත් විසදුමක් ලබා දුන්නේ නෑ. මේ වසරේ ජනවාරි මාසයේ පැවති උද්ඝෝෂණය සඳහා ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාත් කුණු කන්දට විසඳුමක් ලබාදෙන බව පැවසුවා. ”

“දැන් ප්‍රශ්නයට විසදුම ලබාදීම වෙනුවට මේ වසරේ මැයි මාසයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත්කළ ලිපියක සදහන් වෙන්නෙ කුණු කන්ද තවත් අක්කර 2 1/2ක් විශාල කිරීමට සහ එම ස්ථානයෙන් පවුල් 180ක් ඉවත් කිරීමට පියවර ගනිමින් ඉන්නවා. මේ සියල්ලට විරුද්ධව මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ජනතා ව්‍යාපරය පසුගිය (27) දිනයේ විරෝධතාවක් සහ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටි වෙලාවේ පොලිසිය මැදිහත්වෙලා මේ ප්‍රශ්නයට විසදීමට සාකච්චාවක් පැවැත්වෙමින් තියෙන නිසා සත්‍යග්‍රහයෙන් ඉවත් වෙන්න කියලා. ඒත් සත්‍යග්‍රහය මෙහෙයවූ පිරිස් ඊට විරුද්ධ දිගටම සත්‍යග්‍රහයට සම්බන්ධ වීමෙන් පස්සේ පොලිසිය මීට පස්සේ සිදුවන කිසිදු දෙයක් සම්බන්ධයෙන් තමන් වගකීමක් නොගන්න බව පවසමින් එතනින් ඉවත්වෙලා. ඊට පැයකට පමණ පස්සෙ කොලොන්නාව නගර සභාවේ සභාපති උදයශාන්ත ඇතුළු විසිදෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් බස් රථයකින් පැමිණ මේ පහර දීම කරලා තියෙනවා. මේ පහරදීමෙන් මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් තුවාල ලබලා රෝහල් ගතව ඉන්නවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට සහ වැල්ලම්පිටිය පොලිසියටද පැමිණිලි කර තියෙනවා. මේක තමන්ට එරෙහිව නැගෙන උද්ඝෝෂණ මර්දනය කිරීමට ගන්නා අලුත් ප්‍රවේශයක්”

වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා පැවසුවේ ජනවාරි 08දා ප්‍රජාතන්ත්‍රවාදය සත්‍ය ලෙස බලාපොරොත්තු වූ ජනතාව තේරුම් ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය පොත්වල තිබෙන නීති නිසා පැන නගින්නක් නොව ආණ්ඩුවක් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල මෙහෙයවන ආකාරය අනුව එය ජනතාවට අවාසි නම් ජනතාව එයට විරුද්ධව පෙළ ගැහෙන විට ප්‍රජාත්නත්‍රවාදය රැකීමට නොහැකි නිසා මෙවැනි සිදුවීම් රඟ දක්වමින් සිටින බවයි.

එසේම මේ අවස්ථාවේ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ලේකම් ඩී ඒ හේමපාල මහතා පැවසුවේ තමන් ඇතුළු කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටින කුණු කන්ද පිළිබඳ ප්‍රශ්නයට මෙතෙක් කලක් විසදුමක් නොලැබුණු නිසා යහපාලන ආණ්ඩුවෙන් හෝ විසදුමක් ලැබෙයි යන බලාපොරොත්තුව මත ඊයේ දිනයේ සාමකාමී විරෝධත්වයක නියැලෙමින් සිටි මොහොතේ මේ ප්‍රහාරය එල්ල වූ බවයි. දේශපාලනඥයන් මෙයට විසදුමක් ලබාදීම වෙනුවට මෙය ජාවාරමක් කරගෙන ඇති බව හේමපාල මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ” අපි අපේ දරුවෝ මේ කුණු කන්ද නිසා විවිධ ලෙඩ රෝගවලින් පීඩා විදිනවා. අපිට හුස්ම ගන්න අයිතියක් තියෙනවා. අපි ඉල්ලන්නේ අපේ හුස්ම ගැනීමේ අයිතිය. මේ ප්‍රශ්නය කොලොන්නාව ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මුළු රටේම ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි රටේ සියලු ජනතාවගෙන් මෙයට විරුද්ධව පෙළ ගැහෙන ලෙස ඉල්ලා සිටිනවා.”

Related posts

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday

බැදුම්කර මගඩි චෝදනාවෙන් එජාපය නිදහස්.. අපි දැමූ “ෆුට් නෝට්“ නිවැරදියි – අජිත් පී. පෙරේරා

colombotoday

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

ජිනීවා යෝජනාව රටට අහිතකරයි, ක්‍රියාත්මක කළොත් ප්‍රතිඵල භයානකයි – විශ්ව විද්‍යාල මහ ඇදුරෝ රජයට ලියති.

colombotoday

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday