Colombo Today Local News

යහපාලන ආණ්ඩුව රටේ හමුදාවට කළ ද්‍රෝහිකම් මෙන්න…

arak99

2018 මාර්තු 11 දා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ප‍්‍රකාශයක මෙලෙස සඳහන් විය. අප මේ ප‍්‍රකාශය අනාවරණය කරන්නේ වත්මන් ජනපති අගමැති හා විදේශ කටයුතු ඇමැතිගේ දැඩි අවධානය පිණිසයි.
 
 එම නිවේදනයේ මෙසේ දක්වා තිබුණි

 ‘‘2015 ජනවාරි මසට පෙර යුගයේ සිටි ශ‍්‍රී ලාංකික නායකයන් මෙන් නොව, අතිගරු ජනාධිපතිතුමා (මෛත‍්‍රිපාල සිරිසේන) සහ අග‍්‍රාමාත්‍යතුමා (රනිල් වික‍්‍රමසිංහ) ලෝකයේ සියලූම රටවල්වල පිළිගැනීමට පාත‍්‍රවී සිටිති. 2015 ජනවාරි මසට පෙර මෙන් නොව දැන් ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්‍ෂණ තවදුරටත් නැත. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන නිල නොවන රැුස්වීම්වලදී රාජ්‍ය තාන්ත‍්‍රික නොවන ආකාරයකින් හැසිරෙමින් අප රටේ ජනතාව මොනයම්ම හෝ ප‍්‍රතිලාභයක් අත්නොවන ගැටුම් සහ කොලාහල විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධාන සමග ඝට්ටන ඇති කරගන්නට ශ‍්‍රී ලංකාව කටයුතු කරන්නේ නැත.අතිගරු ජනාධිපතිතුමා ද අග‍්‍රාමාත්‍යතුමාද රජයද ශ‍්‍රී ලංකාවේ ජනතාවද ජාතික වශයෙන් කලාපීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් බොහෝ අංශ වෙතින් ප‍්‍රශංසා ලබා ඇත.’’

def1
def2

  යහපාලන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ප‍්‍රකාශයට පත්කළ මේ ලියවිල්ලෙන් හඟවන්නේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස, ඞී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන නායකයන් ලොව සියලූම රටවල් පිළිගෙන නැති බවයි.
 
 ජේ. ආර්. ජයවර්ධනගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග දක්වා නායකයන්ට කොටි ත‍්‍රස්තයන්ට එරෙහි යුද්ධය නතර කිරීමට නොහැකි විය.රනිල් වික‍්‍රමසිංහ 2002 දී එවකට සිටි ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට නොපෙන්වා ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළා පමණක් නොව කොටින්ට සම්පේ‍්‍රෂණ ගුවන් විදුලි පද්ධතියක් ලබාදීමට ද කි‍්‍රයා කළේය. කොටි ත‍්‍රස්තයන්ගෙන් ශ‍්‍රී ලංකාවේ හමුදාවට ලැජ්ජාසහගත සිදුවීම්වලට මුහුණපෑමට සිදුවූයෙන් වික‍්‍රමසිංහ පාලනය සමයේදී බව අමතක කළ නොහැක.
  එසේවූවත් 2005 දී බලයට පත් මහින්ද රාජපක්‍ෂ සමයේ කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම පරාජය විය. කිසි දිනක පැරදවීමට නොහැකි යැයි මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් සහ හිටපු නෝර්වේ ඇමැති එරික් සෝල්හයිම් පැවසූ ප‍්‍රභාකරන් පැරදවීමට මහින්ද රාජපක්‍ෂ රජයට හැකි විය. 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 24 දා ජිනීවා නුවරදී ආරම්භ වේ. එහෙත් ජනපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්වී දින 61 ක් ගතවන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ හමුදාව දෙවරක් පාවාදුන් ජිනීවා යෝජනාවට එරෙහිව නව රජය ගන්නා කි‍්‍රයාමාර්ග සඳහා සූදානමක් තිබේද?
 
 2020 වසරේදී බි‍්‍රතාන්‍ය රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නැත. එහෙත් ජිනීවා යෝජනාවට දායක වූ කැනඩාව, මැසිඩෝනියාව, ජර්මනිය සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් වේ.
 
 බි‍්‍රතාන්‍ය මානව හිමිකම් කවුන්සිලයේ නැති නිසා ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා කැනඩාව සූදානම් වන බව හෙළිවී ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට දායක වූ මේ රටවල් වලටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත.
 
 එහෙත් මෛත‍්‍රිපාල සහ රනිල් යහපාලන රජයට මේ රටවල් වලින් ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට නුඹලාට අයිතිය කුමක්ද? උඹලාටත් යුද අපරාධ චෝදනා එල්ලවී තිබෙනවා යැයි විමසීමට කොන්දක් තිබුණේ නැත.
 
 2013 ජුලි මස මොන්ටිනීග්‍රෝ රාජ්‍යයට යුද අපරාධ චෝදනා එල්ල විය. මොන්ටිනීග්‍රෝ රජය එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන කි‍්‍රයාකළේ නැත. කැනඩා සෙබළුන්ටද 2016 අගෝස්තු මස ඇෆ්ගනිස්තානයේදී යුද අපරාධ සිදුකිරීම ගැන චෝදනා එල්ල වුණි.
 
 2017 දෙසැම්බර් මස බි‍්‍රතාන්‍ය හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූ අතර ජිනීවා මානව හිමිකම් ප‍්‍රඥප්තීන් කඩකර ඇතැයිද වාර්තා විය. 2001 ඔක්තෝබර් මස හේග්නුවර ජාත්‍යන්තර අධිකරණය මැසිඩෝනියා හමුදාව සහ පොලිසිය ඝාතන, පැහැර ගැනීම් සහ වධහිංසා පැමිණවීම් සිදුකළ බවට අනාවරණය කළේය.
 
 ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂවරියව සිටි කාලා බෙල් පොන්ටේ මේ යුද අපරාධ චෝදනා සනාථ කළාය.
 
 එහෙත් මේ රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත්වී ඇත. මේ නිසා මෙම යුද අපරාධකරුවන් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේද? මේ ගැන පසුගිය රජය එම රටවල්වලට අභියෝග කළේ නැත.
 
 එහෙත් වත්මත් රජය මෙම යුද අපරාධකරුවන්ට අභියෝග කළ යුතුයි. ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු කැනඩාව ශ‍්‍රී ලංකා ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුකළ බවට යෝජනාවක් සම්මත කරනු ලැබීය. කැනඩාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතුවේ කැනඩා තානාපති නොව, කොටි හිතවාදී ගැරි ආනන්ද සංගරී ය.
 
 මෛත‍්‍රි රනිල් රජය මේ කොටියාට මෙරටට ඒමට දොර විවෘත කළේය. යාපනයට ගිය ගැරි ආනන්ද සංගරී ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.
 
 එහෙත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඊට ප‍්‍රතිචාර දක්වූයේ නැත. මෙවන් පසුබිමක් මැද යහපාලන රජය ගතවූ වසර පහ තුළ සිදුකළ ද්‍රෝහිකම් මෙලෙස දැක්විය හැක.
 
 ⋆ එක්සත් ජාතීන්ගේ විමර්ශකයන්ට මෙරටට පැමිණීමට ඉඩදීම
 
 ⋆ ආරක්‍ෂක මර්මස්ථාන පරීක්‍ෂා කිරීමට අවසර දීම
 
 ⋆ රැුඳවුම්භාරයේ සිටි හිටපු කොටි ත‍්‍රස්තයන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට අනුමැතිය දීම
 
 ⋆ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප‍්‍රධානි දර්ශන් මාස්ටර් හෙවත් කුශාන්තන් නිදහස් කිරීම
 
 ⋆ මැලේසියන් රාජන් මුදාහැරීම (මොහු කොටි ජාත්‍යන්තර මූල්‍ය ජාලයේ තෙවැනියායි)
 
 ⋆ පොට්ටු අම්මාන්ට හමුදාව ගැන තොරතුරු ලබාදුන් හිටපු කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ජ් මොහමඞ් නිදහස් කිරීම
 
 ⋆ නේස්බි සාමිගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් නොකිරීම
 
 ⋆ ප‍්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ තමිල්නාඩුවේ තොල් තිරුමාවලන්ට යාපනයට ඒමට ඉඩදීම
 
 ⋆ කැනඩාවේ කොටි හිතවාදී මන්ත‍්‍රිනී සීතා සබෙයිසන්ට යාපනයට ඒමට වීසා බලපත් ලබාදීම
 
 ⋆ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රධානි එමානුවෙල් පියනම යාපනයට පැමිණීමට ඉඩදී හිටපු විදේශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් සමග සාකච්ඡුා පැවැත්වීමට අනුමැතිය දීම
 
 ⋆ ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ කොටි කොන්ත‍්‍රාත්තුවක් භාරගෙන ඇති යස්මින් සුකාට මෙරටට එන ලෙස ඇරයුම් කිරීම
 
 ⋆ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළ ඉන්දීය මහාචාර්ය පෝල් නිව්මන්ට පැරණි මන්නාරම මිනී වළ නිරීක්‍ෂණය කිරීමට ඉඩදීම
 
 ⋆ මානව හිමිකම් සමුළුවලදී කොටි කි‍්‍රයාකාරීන් ශ‍්‍රී ලංකාවේ හමුදාවට බරපතළ චෝදනා එල්ල කරන අවස්ථාවේ තානාපති ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය නිහඬ වීම
 
 ⋆ රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා විසින් ජෙයනි ත්‍යාගරාජා නැමැති ද්‍රවිඩ තරුණිය හමුවී සුදු වෑන් සම්බන්ධව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වගකිවයුතු බව ප‍්‍රකාශ කර තිබියදී එම පොලිස් නිලධාරියාට එරෙහිව පියවර නොගැනීම
 
 ⋆ මහින්ද රාජපක්‍ෂ රජය තහනම් කළ කොටි සංවිධාන වලින් පහක් තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීම
 
 ⋆ සංහිඳියා කාර්ය සාධන බළකායක් ස්ථාපිත කර ඊට හමුදා විරෝධි එන්. ජී. ඕ කි‍්‍රයාකාරීන් පත්කිරීම
 
 ⋆ ද්‍රවිඩ සන්ධානය නැමැති බෙදුම්වාදී සංවිධානයේ ඉල්ලීම් වලට රජය එකඟ වීම
 
 ⋆ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් ලන්ඩන් නුවරදී දිවා භෝජනයකට සහභාගි වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදය සමග බව හෙළිවීම
 
 ⋆ මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවට 33 වරක් යුද අපරාධ චෝදනා එල්ල කර තිබියදී හිටපු ජනපති එය පිළිනොගැනීම
 
 ⋆ ජිනීවා යෝජනාවට එරෙහිව රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ කි‍්‍රයාකාරීන් මානව හිමිකම් සමුළුවේදී ප‍්‍රතිචාර දක්වද්දී හිටපු ජනාධිපති කාර්යාලයේ සිටි කේවට්ටයන් තිදෙනෙක් ඊට එරෙහිව ලිපි ලිවීම
 
 ⋆ 2018 අපේ‍්‍රල් මස මානව හිමිකම් කවුන්සිලය තුළ ලියවිල්ලක් බෙදාහැරීම සහ එහි වන්නි මෙහෙයුම සැමරීමේ ආධාර පෙළපාලිය නතර කළ බව තානාපතිවරුන්ට දැනුම් දීම
 
 ⋆ 2015 ජනවාරි මාසයට පෙර යුගයේදී මෙන් නොව, දැන් ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්‍ෂණය තවදුරටත් නොමැති බව විදේශ කටයුතු බලධාරීන් ජනතාව රැුවටීමේ ප‍්‍රකාශයක් කිරීම
 
 ⋆ මෙරට හමුදාවට එරෙහිව වගවීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කරන බව ඇමරිකාව බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් වලට ප‍්‍රතිඥා දීම
 
 ⋆ රැුඳවුම් භාරයේ සිටි හිටපු කොටි කි‍්‍රයාකාරීන්ගේ නාම ලේඛනය මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයකුට ලබාදීම
 
 ⋆ ජිනීවා යෝජනාවට රජය සමඅනුග‍්‍රහය නුදුන් බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ජනතාව රවටන ප‍්‍රකාශයක් කිරීම. (මොහු ජිනීවා සෞඛ්‍ය සමුළුවලට ගොස් නතර වී සිටියේ ජිනීවා වල ඉදිරියේ ඇති ඉහළම මිලක් අයකරන ග‍්‍රැන්ඞ් කෙම්න්ස්කි හෝටලයේය. ඊට වැයවූයේ මහජන මුදල්ය.
 
 මෙලෙස යහපාලන රජය ශ‍්‍රී ලංකාවට එරෙහිව පාවාදීම සහ ද්‍රෝහිකි‍්‍රයා සිදුකරන අවස්ථාවේ ද්‍රවිඩ සන්ධානය ඉතා සූක්‍ෂම ලෙස තවත් මෙහෙයුමක් දියත් කළේය. ඒ යහපාලන රජයේ ව්‍යවස්ථා සංශෝධන ජිනීවා යෝජනාවට ඇතුළත් කිරීමටයි.
 
 මේ සඳහා ද්‍රවිඩ සන්ධාන නියෝජිතයෝ කැනඩාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය සහ මැසිඩෝනියාව යන රටවල තානාපතිවරු සමග රහස් සාකච්ඡුාවක් පවත්වනු ලැබීය.
 
 මේ අයුරින් ශ‍්‍රී ලංකාවට එරෙහිව රාජද්‍රෝහි කි‍්‍රයා සිදුවෙද්දී විවිධ චෝදනා ඉදිරිපත් කර වන්නි මෙහෙයුමට දායක වූ හමුදා ප‍්‍රධානින්ගෙන් කටඋත්තර ගැනීමට ශානි අබේසේකරගේ කුප‍්‍රකට රහස් පොලිසිය කි‍්‍රයාකළේය.
 
 හමුදා බුද්ධි අංශයේ ප‍්‍රධානියකුව සිටි මේජර් ජනරාල් අමල් කරුණාසේකරට මාස අටක් රක්‍ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවිය. ඊට අමතරව හමුදා සහ නාවික හමුදා නිලධාරීන් 44 ක් අත්අඩංගුවට ගනු ලැබීය. හමුදා ප‍්‍රධානීන් වූ ජගත් ජයසූරිය, වසන්ත කරන්නාගොඩ සහ රවීන්ද්‍ර විජේගුණවර්ධන, නාවික කොමදෝරු ඞී. ජී. දිසානායක ඇතුළු හමුදා නිලධාරීන් රහස් පොලිසිය හමුවේ කටඋත්තර දීමට ද සිදුවිය.
 
 යහපාලන රජය සමයේ හමුදාවෙන් ගිය දෙදෙනකුටද යළි හමුදා ප‍්‍රධානිධුර හිමිවිය. ඒ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියාව සිටි ට‍්‍රැවිස් සින්නයියාට සහ ඩුබායිහි නැෂනල් ඒසර් ගාඞ් සමාගමේ ප‍්‍රධානියාව සිටි මහේෂ් සේනානායකට නාවික සහ යුද හමුදාපති ධුර හිමි විය.
 
 මේ අතර ශ‍්‍රී ලංකා රජය තමන්ට එරෙහිවූවත් හඹා යන බව දක්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා සහ ජේ. ඞී. එස් නැමැති සංවිධානය එක්ව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පිටු 15 ක පැමිණිල්ලක් කර ඇත. මේ ජේ. ඞී. එස් :න්‍ෘී) සංවිධානය යනු කුමක්ද? ඒ වන්නි මෙහෙයුම සමයේ කොටි හිතවාදීන් පිරිසක් සමග කොළඹදී සමාගමක් පිහිටවූ කොටි හිතවාදී රෝහිත භාෂණ අබේවර්ධන නැමැත්තා ජර්මනියේ ස්ථාපිත කළ දෙදෙනකුට පමණක් සීමාවූ සංවිධානයකි. මේ සංවිධානය අබේවර්ධන සහ ඔහුගේ බිරිය විසින් මෙහෙයවයි.
 
 කොටි සංවිධානයේ දේදුන්න පුවත් පත සංස්කරණය කළ මොහු පසුගිය කාලය මුළුල්ලේම ශ‍්‍රී ලංකා යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල කළේය.
 
 මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ මෙලෙස දක්වා ඇත.
 
 ‘‘ස්විස් තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධිය ස්විස් මාධ්‍යවල පළවිය. මෙය විපතට පත්වූවන් ස්විස් තානාපති කාර්යාලය වෙත යෑමට බියට පත්කරයි. ස්විස් සේවිකාවගේ දුරකථනයේ ඇති රහස් දත්තද බලධාරීන් ලබාගෙන තිබේ. පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා ආපසු මෙරටට එවන ලෙස රජය ස්විස් ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
 
 විශේෂ කාර්ය බළකාය රහස් පොලිසියට කඩාවැදී පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා පරීක්‍ෂණ පැවැත්වූ ලිපි ගොනු සෙවීමේ යෙදුණු බව වාර්තා විය. මෛත‍්‍රිපාල සිරිසේන රජය යටතේ සේවය කළ රහස් පොලිස් නිලධාරීහු රැුසක් මාරුකර තිබේ. ඔවුන්ට රටින් පිටවීමටද නොහැකි වී ඇත. පොලිස් නිලධාරීන්ට සහ විදේශ රටවල සිටින කණ්ඩායම්වලට එරෙහිව ව්‍යාජ පුවත් සැරිසරන බවද වාර්තා වී තිබේ.
 
 හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් එගොඩවෙල, සත්‍යපි‍්‍රය ලියනගේ, ජී. ඒ. චන්ද්‍රසිරි, කමල් ගුණරත්න, චන්දන වික‍්‍රමසිංහ, සුරේශ් සැලේ, ජගත් අල්විස්, ප‍්‍රසන්න සිල්වා යන හමුදා නිලධාරීන්ගේ නම් දක්වමින් ශ‍්‍රී ලංකාව හමුදාකරණයට ලක්වී ඇති බවද සඳහන් කර තිබේ.
 
 මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා සාම මණ්ඩලය අමතමින් මෙසේ කියා සිටියේය.
 
 ‘‘ශ‍්‍රී ලංකාව වධහිංසා සිදුකළ බවට චෝදනා එල්ල වුණා. මම තෙවරක් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හමුවී එම චෝදනා ගැන විමසුවා. ඔවුන් පැවසුවේ එවැනි චෝදනා නැති බවයි. එය බොරු පුවතක්. මම වසර 10 ක් තිස්සේ අපේ ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ් සහ ද්‍රවිඩ විශ්වවිiාල ආචාර්යවරුන්ගේ වාර්තා විමර්ශනය කළා. එම වාර්තා වලින් සනාථ වූයේ මියගිය සංඛ්‍යාව 6000 ක් ලෙස ඉන් හතරෙන් එකක් කොටි ත‍්‍රස්තයන්ය.
 
 එසේ වූවත් මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තීරණය කළා.
 
 ‘කර්නල් ගෑෂ්ගේ වාර්තාවේ සඳහන් වූයේ යුද හමුදාව හික්මීමකින් යුක්තව කටයුතු කළ බවයි. ඒ නිසා 295000 ක් සිවිල් ජනතාව බේරා ගැනීමට හැකිවුණා. ලබන මාර්තු මසදී මේ යුද අපරාධ චෝදනා යළි නිරීක්‍ෂණය කිරීමට අවස්ථාව උදාවී ඇතැයි මම අපේක්‍ෂා කරන්නෙමි.’
 
 මේ අතර හිටපු උතුරු මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ සුපිරි නළු රැුජිනිකාන්ත් අමතමින් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවත් ඒ ගැන විභාග කිරීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවත් පවසා ඇත.
 
 එසේම රැුජිනිකාන්ත්ට මෙරටට පැමිණෙන ලෙස ද විග්නේශ්වරන් ඇරයුම් කර තිබේ.
 
 වන්නි මෙහෙයුම සමයේ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානය බේරා ගැනීමට ඉන්දීය හමුදාව යාපනයට යැවිය යුතු බව පැවසුවේ ද රැජිනිකාන්ත්ය.

Divaina

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

රනිල්ට යළි අගමැතිකම දෙන්නෑ… එජාපයේ වෙනත් අයෙකු ගැන සලකා බැලිය හැකියි – ජනපති ඉන්දියාවටත් කියයි

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday