Colombo Today Local News

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

2016 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ කෙරවලපිටිය විදුලි බලාගාරයේ අවසන් අදියරේ කටයුතු නිම කිරීමට වැය වන රුපියල් කෝටි 277න් සියයට තුනක් හෙවත් කෝටි අටක පමණ කොමිස් මුදලක් එවකට යහපාලන රජයේ විදුලිබල ඇමැතිවරයකු විසින් එම කොන්ත්‍රාත්තුව බාර ගෙන සිටි පෞද්ගලික සමාගමෙන් ඉල්ලා තිබේ.

එම අමාත්‍යාංශයේ සිට ලේකම්වරයාගේ සම්පූර්ණ මැදිහත්වීම මත මේ මුදල ඉල්ලා සිට ඇති අතර, එතරම් විශාල මුදලක් කොමිස් වශයෙන් ගෙවීමට එම සමාගම අකමැත්ත පළ කර ඇත. එම බලාගාරයේ අවසන් අදියරේ කටයුතු 2016 වසරේ නිම නොකිරීමට මේ කොමිස් මුදලේ කතාව තවදුරටත් බලපා ඇත.

එම කොන්ත්‍රාත්තුව ලබාගෙන සිටින පෞද්ගලික සමාගම සහ විදුලි බල ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරීන් අතර පෙරේදා (20) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවක දී මේ කොමිස් මුදල් ඉල්ලීම පිළිබඳ කරුණු අනාවරණය විය.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ අවසන් අධියර 2016 වසරේ නිම කිරීමට ඊට කලින් පැවැති රජය විසින් කටයුතු කරගෙන එනු ලැබුව ද ආණ්ඩු මාරුවත් සමඟ එම ව්‍යාපෘතියේ කටයුතු වසර පහකට ආසන්න කාලයක් තිස්සේ අවසන් කිරීමට එවකට පැවැති රජයට හැකි වූයේ නැත.

එපමණක් නොව රට තුළ විදුලි අර්බුදයක් ඇතිවීම වැළැක්වීම පිණිස එවකට රජය මගින් කිසිදු ආකාරයකින් අලුතින් විදුලි බලාගාර ඉදි කිරීමක් ද සිදු නොකළ අතර, එම කාලයේ දී විදුලි ඉල්ලුම සියයට 27කින් පමණ ඉහළ ගොස් තිබුණ ද එම ඉල්ලුමට සරිලන ආකාරයට සියයට දෙකකින්වත් එම රජයට විදුලිය සැපයීමට නොහැකි වී ඇත.

කෙරවලපිටිය අවසන් අදියරේ කටයුතු ඉතාමත් කඩිනමින් නිම කිරීමට සහ තවත් විදුලි බලාගාර පහක කටයුතු අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම පිණිස ඊට අදාළ සාකච්ඡාව ඊයේ (21) ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කෙරවලපිටිය අවසන් අදියරේ කොන්ත්‍රාත්තුව බාර ගෙන සිටි පුද්ගලික සමගම සහ තවත් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තවත් විදුලි බලාගාර පහක කටයුතු ඉතාමත් කඩිනමින් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණි. ඒ අතර කෙරවලපිටිය අවසන් අදියර ඉතාමත් කඩිනමින් අවසන් කිරීමට උපදෙස් දුන් ඇමැති මහින්ද අමරවීර මහතා වර්තමාන රජයේ කිසිවකුත් එම ඉදිකිරීම් සඳහා යන වියදමින් කිසිදු කොමිස් මුදලක් ඉල්ලා නොසිටින බව පෙන්වා දුන්නේය. මේ කටයුතු ඉතාමත් හොඳින් කඩිනමින් අවසන් කරන ලෙස ද එම පුද්ගලික සාමගමට අමරවීර මහතා දන්වා සිටියේය.

Related posts

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර වීම ලඟදීම

Admin

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday