Colombo Today Local News

යළි දැනුම් දෙනතුරු කොළඹ – චෙන්නායි ගුවන් ගමන් නෑ

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලයෙන් යට වී ඇති බැවින් එහි සියළු මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා.

එම හේතුවෙන් කොළඹ සිට චෙන්නායි බලා සිදුකෙරෙන ගුවන් ගමන් ලබන සෙනසුරාදා තෙක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

ඒ අනුව අවලංගු කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 16කට වැඩි වන අතර අද දිනයේද ගුවන් ගමන් 04 අවලංගු කර ඇති බව වාර්තා වනවා.

මීට අමතරව මිහින් ලංකා ගුවන් සේවයද චෙන්නායි බලා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර දෙකක් අවලංකු කිරීමටයි තීරනය කර ඇත්තේ.

එන්.ඞී.ටී.වී. වෙබ් අඩවිය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ චෙන්නායි ගුවන් තොටුපොළ තුළ මගීන් හාරදහසක් පමණ මේ වන විට සිරවී සිටින බවයි. ධාවන පථ කිහිපයක්ද ජලයෙන් යට වී ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා.

Related posts

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

colombotoday

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday