Colombo Today Local News

යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය රාත්‍රි කාලයට පමණයි

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු ඇඳිරි නීතිය අද අලුයම ලිහිල් කෙරුණු අතර යළි එය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා පමණයි.

මේ අතර එළඹෙන සඳුදා සිට සෞඛ්‍ය අංශ ලබාදි ඇති උපදෙස්වලට අනුව පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවය භාවිත කිරිමේදි අනිවාර්යයෙන්ම මගීන් මුඛ ආවරණ පැළඳිය යුතු වන අතර නැවතුම්පලවල් අසල අත් සෝදා ගැනිමේ පහසුකම් සැපයිය යුතු වෙයි.

සඳුදා සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරිමට මේවන විටත් සැලසුම් කර තිබේ.

බස් රථවල මෙන්ම දුම්රියේ ගමන් කිරිමේදි ද ආසන ගණනට මගීන් රැගෙන යායුතු බවට ප්‍රවාහන අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේය.

Related posts

කොරෝනා ආසාධිතයන් 7 දක්වා ඉහළට !

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

“විජේදාස ඉවත් නොවුණොත් මරාගෙන මැරෙන්න ලෑස්තියි” – අජිත් පී පෙරේරා

colombotoday

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday