Colombo Today Local News

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී සොරකමේ ගිය බවට සැක කෙරෙන තරුණයෙකුට ඊයේ (09) දින ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහරදී පොලීසියට භාර දී ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.

අදාළ තරුණයා කිසියම් නිවසකට පැන සොරකම් කිරීමට සැරසුනේයැයි කියමින් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් අදාළ තරුණයා අල්ලා පහරදී මාර්ගය දිගේ රැගෙන එමින් පොලිස් නිලධාරීන්ට භාර දී ඇත.

නමුත් මේ සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් සිදු කරන බවටත් පහර කෑමට ලක් වූ තරුණයා මේ වනවිට කොඩිකාමම් රෝහලේ ප්‍රතිකාර ලබන බවටත්ය.

Related posts

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

Admin

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday