Colombo Today Local News

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෙට (17දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේද ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැගත් හෙලිකොප්ටර් යානය ගුවන් හමුදා කඳවුරට ගොඩ බෑමෙන් අනතුරුව ජනපතිවරයා සෘජුවම පැමිණ ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතව තිබේ.

Related posts

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

colombotoday

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin