Colombo Today Local News

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති එම අවබෝධතා ගිවිසුම ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමත්‍යවරයා සඳහන් කළේ. මෙරට ඉන්දීය මහකොමසාරිවරයා සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මේ බව කියා සිටියා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ විගස දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා පලාලි ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දීය රජය මෙරටට රුපියල් මිලියන 300 ක ප‍්‍රදානයක් ලබා දීමට එකඟතාවය පළ කර ඇත.

ඒ යටතේ පැමිණීමේ සහ පිටත්වීමේ ගුවන් මගී හෝ ගුවන් මලූ මෙහෙයුම් කටයුතු සඳහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථානගත කිරීමට මෙන්ම මගී පර්යන්තය පුළුල් කිරීමට ද නියමිතයි.

Related posts

ප්‍රසන්න, දිලුම් නෙරපයි.. SLFP සංවිධායකවරු 26ක් පත්කරයි

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday

දුම්වැටියක මිල රු.5කින් ඉහළට

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday