Colombo Today Local News

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විමර්ශනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ.
බි්‍රතාන්‍ය රජයේ ගිනිකොනදිග ආසියානු කලාපය භාර නියෝජිත ෆර්කුස් අවුස් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අතර පසුගියදා පැවැත්වුණු සාකච්ඡාවේදී සම්පන්දන් මහතා මෙම ඉල්ලීම කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බලය බෙදාහැරීමේ කටයුතු සිදු වුවත් ඒ සඳහා ඇතැම් දේශපාලනඥයන් බාධා කරමින් තිබෙන බවද ඒ මහතා බි්‍රතාන්‍ය නියෝජිතයා හමුවේ ප්‍රකාශ කර ඇත.

බලය බෙදීම විධිමත්ව සිදු වන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බවද සම්පන්දන් මහතා කියා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කරගනිමින් සම්පන්දන් මහතා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර බලපෑම් වැඩිකළ යුතු බවයි.

Related posts

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday