Colombo Today Local News

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

ඒ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් අදාල කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු 6 දෙනෙකුට ලබන 15 වන දා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන් සහ ජේ.සී වැලිඅමුණ යන අයට මෙලෙස සිතාසි නිකුත් කෙරෙන බව සඳහන්.

මීට අමතරව සිද්ධියට අදාලව පොලිස් මූල්‍ය අපරා‍ධ විමර්ශ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී වෛද්‍යාලංකාර මහතාට ද ලබන 15 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

Related posts

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කරන්න ICCයෙන් තීරණයක්

Admin

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක…

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

colombotoday

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

colombotoday