Colombo Today Local News

රගරා සමග හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක් කොටු

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වේයන්ගොඩ, බෙම්මුල්ල, කොරොස්ස සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.

මෙහිදී වේයන්ගොඩ, කොරොස්ස ප්‍රදේශයේ දී මින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දිනේෂ් නමැත්තෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට බන්ධනාගාර ගතව සිටින චමින්ද නොහොත් “රගරා” නමැත්තාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අනතුරුව වේයන්ගොඩ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදා සිවිල් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහු ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ බැංකු පොත් 10ක්, ඒ.ටී.එම් කාඩ්පත් 15 ක් සහ රුපියල් 56,000 ක මුදලක් සොයාගෙන තිබේ.

Related posts

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

colombotoday

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

colombotoday

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

colombotoday

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin