World

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

ලොව කොතැන වුවත් රටක ජනතාව නායකයකු තෝරා පත්කර ගන්නේ රටත්, ජනතාවත් රැකගනියි කියන බලාපොරොත්තුවෙනි. විය යුත්තේ නම් රටක නායකයකු තම රටත් ජනතාවත් තම දිවි පරදුවට තබා රැක ගැනීමයි. එහෙත් අද ලොවේ බොහෝ රටවල දක්නට ලැබෙන්නේ ජනතාව සූරාකමින්, රටේ ධනය කොල්ලකමින්, රට උකසට තබමින්, හැකිතාක් දූෂණයෙන් භීෂණයෙන් ජනතාව පීඩාවට පත් කරමින් සුඛෝපභෝගී දිවිපෙවෙතක් ගෙවන ‘නායකයා’ කියන නමටත් නිගා දෙන්නන්ය. එසේම පොදු ජනතාවට හෙණ ගැසී ගියත් තම හෙංචයියන් සහ සනුහරයට තමන් ලෙසින්ම අනිසි පල ප්‍රයෝජන ලබාගැනීමට උඩගෙඩි දෙන්නන්ය.

යම් රටක නූගත් නායකයකු ඒ නූගත්කම හේතුවෙන් පාදඩ ආකාරයට කටයුතු කරමින් ජනතාව තළා පෙළා දූෂිත පාලනයක් ගෙනයනවා දැකිය හැකිය. එහෙත් ඊටත් වඩා පුදුම සහගත තත්ත්වය නම් නවීන අධ්‍යාපනය තුළ ඉගැන්වෙන ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ ප්‍රගමනය, නීතිය, මානව හිමිකම් ආදී සකලවිධ විෂයයන්ට උපාධි හා ඉහළ උපාධි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් ලබාගන්නාවුන් පවා බලය කෙසේ හෝ අතට ගැනීමෙන් පසු තිරශ්චීන පාලකයන් බවට පත්වීමය.

පසුව විස්තර කළ ආකාරයට ඉහළ උගත්කමක් ලැබුවත් රටක බලය ලබාගත් පසුව දූෂිත පාලනයක් ගෙනගිය තවත් පාලකයකුගේ ඉහවහා ගිය දූෂණයන් මේ වන විට එළියට ඇදෙමින් පවතින්නේ මැලේසියාවෙනි.

දශකයක පමණ කාලයක් මැලේසියානු අගමැති ලෙස බලය තහවුරු කරගෙන සිටි හිටපු අගමැති නජීබ් රසාක් (Najib Razak) ගේ සෙල්ලම් මැලේසියාවෙන් හෙළිවන්නේ දැන්ය. නජීබ් සමඟ ඔහුගේ බිරිය රොස්මා මන්සෝර් (Rosmah Mansor) බලයෙන් මත්ව කටයුතු කළ ආකාරයද ඒ සමඟම අනාවරණය වෙමින් පවතින්නේ සාක්කි සහිතවය.

නජීබ් රසාක්ගේ දූෂිත මග¾ඩි ගැන මෙන්ම ඔහුගේ බිරියගේ උඩඟු මාන්නයද දිගු කාලයක් තිස්සේ ඉවසා දරාගෙන සිටීමට මැලේසියානු ජනතාවට සිදුවිය. අවසානයේදී මැලේසියාවට නව යුගයක් උදාකර දුන් මහතීර් මොහොමඩ්ට සිය සැ¼දෑ සමයේ විවේකයද කැපකොට නැවත වරක් දූෂිත නජීබ්ගෙන් මැලේසියාව බේරාගැනීමට ඉදිරිපත් වීමට සිදුවූ බව ලොවට රහසක් නොවේ.

දෙවියෙක් ලෙස නැවතත් පෙරට පැමිණි මහතීර් මොහොමඩ්ට ඔහුගේ සමකාලීනයන් පමණක් නොව ඔහු දැකවත් නැති තරුණ පිරිසගේ ආකර්ෂණය ලැබුණේ නොසිතූ ලෙසය. පසුගියදා පැවති මැතිවරණයෙන් මහතීර් මොහොමඩ් නැවත මැලේසියාවේ අගමැති අසුන හිමිකරගත්තේ කැපීපෙනෙන වැඩි ඡන්ද ගණනක් ලබාගනිමිනි.

ඒ සමඟම මහතීර් මොහොමඩ් බලයේ සිටින ලොව වයස්ගතම රාජ්‍ය නායකයා බවට පත්විය.

කොතරම් වයස්ගත වුවද සිය සෘජු බව ප්‍රදර්ශනය කරමින් මහතීර් මොහොමඩ් මහා මෙහෙයුමකට අත ගැසීය. ඒ අසරණ මැලේසියානු ජනතාවගේ ධනය කොල්ලකෑ දූෂිතයන් සෙවීමය.

මැලේසියාවේ වාර්තා වූ සුවිසල්ම දූෂණය වූයේ I Malaysia Development Berhad (IMDB) නමින් පිහිටුවනු ලැබූ රජයේ සංවර්ධන අරමුදලකින් ඩොලර් බිලියන ගණනක් අතුරුදන් වී තිබීමය.

අනපේක්ෂිත ලෙස බලය අහිමි වූ නජීබ්ට රටින් පිටවයෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් වූ අතර දූෂණ විරෝධී ආයතනය මඟින් 1 IMD අරමුදලේ සිදුවූ මහ පරිමාණ වංචාව ගැන විමර්ශන කිරීම ඇරඹිණි. එහි අංගයක් ලෙස හිටපු අගමැති නජීබ් ගෙන්ද ප්‍රශ්න කරනු ලැබූ අතර ඔහුගේ පෞද්ගලික නිවෙස් සහ පවුලට අයත් නිවෙස්ද සෝදිසි කෙරිණි

IMDB රාජ්‍ය අරමුදලේ මුදල් බිලියන ගණනින් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වන කරුණු නජීබ් සහ ඔහුගේ බිරිය රොස්මාට වෛර කළ මැලේසියානු ජනතාවත් පුදුමයට පත්කරවන තොරතුරු බවට පත්ව තිබේ.

ඊයේ මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ඩටුක් සේරි අමාර් සිං (Datuk Seri amar singh) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ නජීබ්ට සම්බන්ධ නිවෙස් හයකින් පොලිසිය අත්පත් කරගත් ආභරණ, වටිනා බෑග්, ඔරලෝසු ආදී ද්‍රව්‍යවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 224 – 273 අතර පවතින බවයි.

මෙම අයිතමයන් සොයාගත් ස්ථානවලදීම ගණනය කිරීම අපහසු වූ බැවින් පොලිසිය ඒවා පෙට්ටිවල දමා විමර්ශන ස්ථානය වෙත ගෙනැවිත් තිබේ. ඒ අතර මුදල් සහ ආභරණ අඩංගු වූ සූට්කේස් 72ක්ද, විලාසිතා අත්බෑග් සහිත පෙට්ටි 284ක්ද තිබී ඇත.

උදෑසන 3ට පමණ සිදුවූ මෙම මෙහෙයුම් ෆේස් බුක් හරහා දස දහස් ගණනක් දෙනා සජීවීව නරඹා ඇත. ට්‍රක් රථ පහකින් මෙම භාණ්ඩ ප්‍රවාහනය කර ඇත.

මෙසේ ගෙන එන ලැබූ මුදල් දින තුනක් තිස්සේ මුදල් ගණින යන්ත්‍ර හයක් යොදාගෙන ගණනය කර ඇත. ඒ සඳහා මැලේසියානු මහ බැංකුවේ නිලධාරීන් 22ක් සහභාගි වී ඇත. නජීබ්ගේ නිවෙස්වලින් සොයාගෙන ඇති මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 28.9කි. ඒවා මුදල් වර්ග 26කට අයත් වූ අතර මැලේසියානු මුදල් වන රිංගිට් (Ringgit) ද ඒ අතර තිබී ඇත.

රන් ආභරණ 12,000ක් තිබූ බව මැලේසියානු බලධාරීහු කියති. ඒවායේ වෙළෙඳපොළ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 218.6ක එම ආභරණ අතර තිබූ මිල අධිකම ආභරණය දියමන්තියක් ඇල්ලූ කහ රත්රන් මාලයකි. එය පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.59ක් වටී.

නජීබ් සහ රොස්මාගේ භාණ්ඩ එකතුවේ තිබී පොලිසිය අත්පත් කරගත් අත්බෑග් ගණන 567කි. ඒවා වෙළෙඳ නාම 37කට අයත් වී ඇත. එහි තිබූ Hermes බෑග්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 12.7කි. ඔරලෝසු ගණන 423කි. ඒවායේ වටිකම ඩොලර් මිලියන 19.37කි. අව් කණ්ණාඩි කුට්ටම් ගණන 234කි.

රොයිටර් පුවත් සේවය සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවක නිරත වූ මැලේසියානු වත්මන් අගමැති මහතීර් මොහොමඩ් IMDB දූෂණයට නජීබ් සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව පැවසීය. IMDB ව්‍යාපෘතියට ආධාර සැපයූ ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවද නජීබ් එම අරමුදලෙන් මුදල් වංචා කර ඇති බවත් වංචාකරගත් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් බවත් කියයි.

රොයිටර් පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් දෙමින් නජීබ් ප්‍රකාශ කර ඇත්තේ IMDB අරමුදලෙන් සොරාගැනීම සම්බන්ධව තමාට ‍ෙදාස් නොනැඟිය යුතු බවයි. එසේම එම අරමුදලේ මුදල් තම බැංකු ගිණුමෙන් මතුවන්නේ කෙසේදැයි තමා නොදන්නා බවත් ඔහු කියා ඇත..

Related posts

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday