Colombo Today Local News

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

ranil 256

රට යළි එක්සත් කිරීම සඳහා දරණ ප‍්‍රයත්නයට ලොව සෑම රටකින්ම ශ‍්‍රී ලංකාවට සහය හිමි වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට දේශපාලන පක්ෂ අතරද මේවන විට සමගියක් ගොඩ නැගී ඇති බවයි. ලබන 04 වනදාට යෙදෙන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට නිදහස ලබා ගැනීමට තිබූ විශාලතම අභියෝගය අසමගිය බවත් එය පරාජය කිරීම නිසා ශ‍්‍රී ලංකාව නිදහස් රටක් වූ බවත් අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

පක්ෂ අතර පැවති අසමගිය දුරු කිරීමට වත්මන් රජයට හැකිවී තිබෙනවා. එම නිසා පක්ෂ බේදයකින් තොරව ජාතික සමගිය උදෙසා මෙවර නිදහස් දිනය වෙනුවෙන් ජාතික ධජය ඔසවන්නැයි අග‍්‍රාමාත්‍යවරයා සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා.

Related posts

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday