Colombo Today Local News

“රණවිරු දඩයම් පනතට අත්සන් කරන්න එපා” – ඉදුරාගාරේ ධම්මරතන හිමි කතානායකට ලියයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත සහතික නොකරන ලෙස මහජන රාජ්‍ය සභාව කතථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර සිටී.

අදාළ පනත් කෙටුම්පත නියම ආකාරයෙන් සම්මත නොවූ බවට ප‍්‍රකාශයට පත්කොට ඊට කථානායකතුමාගේ අත්සන යෙදීමෙන් වැලකී සිටින ලෙස පොදු ජනතාව වෙනුවෙන් ඉල්ලමින් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගේ අත්සනින් යුත් ලිපියක් කථානායක වරයා වෙත යොමුකර තිබේ.

එම ලිපිය පහතින්

ගරු කථානායකතුමා ,
ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව,

ගරු මැතිතුමනි,

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත සහතික නොකරන ලෙස ඉල්ලීම

ඉහත පනත් කෙටුම්පත 07/03/2018 දින හදිසියේ සම්මත කළ ආකාරය පිළිබද මහා සමාජය තුළ බලවත් කුකුසක් සහ විරෝධයක් පැන නැගී ඇති බව ඔබතුමා මේ වන විට දන්නවා ඇතැයි අපි විශ්වාස කරමු. පාර්ලිමේන්තුව මගින් අණපනත් සම්මත කිරීමේදී මහජන පරමාධිපත්‍ය රැුකීමේ වගකීම අප රටේ ව්‍යවස්ථාව මගින් පවරා ඇත්තේ ඔබතුමා වෙතය. ව්‍යවස්ථාවේ 79 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේදී සම්මතවූ බවට සැළකෙන පනත් කෙටුම්පතක් නියම ක‍්‍රමවේදයට අනුව සම්මත වූ බවට සහතිකය ලබා දෙන්නේ ඔබතුමා විසින්ය. එසේ නිර්දේශිත ක‍්‍රමවේදයට සහ යුක්තියට, ධර්මයට අනුව සම්මත නොවූ පනතකට අත්සන යෙදීමට ඔබතුමාට නෛතික හෝ සදාචාර බලයක් නැත.

පහත සදහන් හේතු මත එම පනත නියමාකාරයෙන් සම්මත නොවූ බව අපගේ විශ්වාසයයි

01. න්‍යාය පත‍්‍රයට ඇතුල්කොට තිබූ පනත් කෙටුම්පත විවාදයට නොගන්නා බවට අතිගරැු ජනාධිපතිතුමා විසින් ගෞරවණීය මහා සංඝරත්නයට පොරොන්දුවක් ලබා දී තිබියදී එය නොසලකා පක්ෂ නායකයින්ගෙන් පමණක් විමසා පනත විවාදයට ගැනීමට තීරණය කිරීම මගින් මහජන පරමාධිපත්‍යය පමණක් නොව ජනාධිපතිවරයාගේ බල අධිකාරියද අභියෝගයට ලක්වේ.( 2017 සැප්තැම්බර් 21 වනදා එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම අත්හිටවූ හේතු කාරණා සහ ඊට අදාල නීතිය,රීතිය හෝ සම්ප‍්‍රදාය විමසා බැලීමෙන් මෙම තර්කය වටහා ගත හැක.)

02. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි විවාදය වෙනත් දිනයකට දිගු කිරීමට සහ ඒ අනුව ඡුන්දය විමසීම කල්දමන බවට ඔබතුමා විසින් පාර්ලිමේන්තුවට කරනු ලැබූ දැනුම්දීම ඔබතුමා විසින්ම උල්ලංගණයකොට මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය මත ඡන්ද විමසීම සිදුකිරීම.

03. එම පනත් කෙටුම්පතට යම් සංශෝධනයක් ගෙන එන බවට විදේශ අමාත්‍යවරයා විසින් ලබා දුන් පොරොන්දුව නොසලකා හරිමින් එම සංශෝධනය ඇතුලත් නොකර සම්මත කිරීම (යෝජිත සංශෝධනය ව්‍යාජ සහ රැවටිලිකාර සංශෝධපනයක් බව අපගේ පිළිගැනීමයි.)

04. එම පනත් කෙටුම්පත මගින් රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කෙරෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අත්සන් තැබීමට හෝ දෙවනුව එය වලංගු කිරීම සදහා පාර්ලිමේන්තුව විසින් විදේශ අමාත්‍යවරයාට අනුමැතියක් ලබාදී නොතිබීම.)

05. එම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සිංහල,දෙමළ, හෝ ඉංග‍්‍රීසි පිටපත් විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත ලබා නොදීම මගින් ස්ථාවර නියෝග පමණක් නොව පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් සහ මන්ත‍්‍රීවරුන්ගේ ගරුත්වය අභියෝගයට ලක් කිරීම. ( විවාදයට පෙර එම ප‍්‍රඥප්තියේ පිටපත් ලබා දෙන ලෙස යම් මන්ත‍්‍රීවරු විසින් ඔබතුමා වෙත කරන ලද ලිඛිත ඉල්ලීම් ඔබතුමා විසින් නොසලකා හැර ඇති බවද වාර්තාවේ.)

06. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යය පත‍්‍රයට ඇතුල් කරන අවස්ථාවේදීම අදාළ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ පිටපත් මන්ත‍්‍රීවරුන් වෙත ලබා නොදීම නිසා පනත හරහා බලාත්මක කෙරෙන එහෙත් පනතේ සෘජුව සදහන් නොවන ප‍්‍රඥප්තියේ භයානක වගන්ති පිළිබද සතියක් වැනි කෙටි කාලයක් තුළ දැනුම්වත්වීමට නොහැකිවීම තුළ මන්ත‍්‍රීවරුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පමණක් නොව පනතට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාවද මන්ත‍්‍රීවරුන්ට අහිමි වීම.

මෙම හේතු සියල්ල සලකා බලා අදාළ පනත් කෙටුම්පත නියම ආකාරයෙන් සම්මත නොවූ බවට ප‍්‍රකාශයට පත්කොට ඊට ඔබතුමාගේ අත්සන යෙදීමෙන් වැලකී සිටින ලෙස පොදු ජනතාව වෙනුවෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිම්හ. තවද එම පනත සම්මත වූ දිනය ශ‍්‍රී ලංකාවේ පිර්ලිමේන්තු ඉතිහාසයේ අදුරු සහ ශෝක දිනයක් ලෙසද සැළකෙනු ඇත. විශේෂයෙන්ම එම පනත මගින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය ආරක්ෂා කරන ආරක්ෂක හමුදා දුර්මුඛ කිරීම සහ දුර්වල කිරීම සිදුවන බැවින් ඔබතුමා ආණ්ඩුවක් විසින් රාජ්‍යට එරෙහිව ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයක වගඋත්තර කරුවෙකු වන බවද ඉතා කරුණාවෙන් අවධාරණය කරම්හ.
මීට අදාළව ඔබතුමා මුණගැසී සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේනම් කෘතඥවම්හ.

පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
සභානායක,
මහජන රාජ්‍ය සභාව
2018.03.15

පිටපත් – ත්‍රෛයිනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා
අතිගරු ජනාධිපතිතුමා
මාධ්‍ය ආයතන

Related posts

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

“රන්ජන් කළේ පට්ටපල් බොරුවක්.. ඩිෆෙන්ඩරයේ ලියකියවිලි මා සතුයි” නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

colombotoday