Colombo Today Local News

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

wr09_big

මේ දවස්වල වැඩිපුර මාධ්‍යයට මුහුණ නොදෙන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුම උග්‍රවී ඇතිබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

චම්පික රණවක ඇමතිවරයා බලාපොරොත්තුවෙන් සිටි විදුලිබල හා බලශක්ති ඇමතිධූරය නොලැබීමත් ඔහු ජාතික දේශපාලනයෙන් ඉවත්කර බස්නාහිර පලාතට කොටුකිරීමත් නිසා ආණ්ඩුවත් සමඟ ඇති පටලැවිල්ල හේතුවෙන් ආණ්ඩුවේ පිරිස් විසින්ම රතන හිමි සමඟ චම්පිකගේ පටලැවිල්ල දිග්ගැස්සවීම සඳහා රතන හිමිට ගතු කේළම් කීම අරඹා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් රතන හිමිගෙන් කළ විමසීමකදී එවැනි මත ගැටුමක් පවතින බව පිළිගත් අතර එකට වැඩකිරීමට එය ප්‍රශ්ණයක් නොවන බවද පැවසීය.

තමා ඇමතිධූරයක් බලාපොරොත්තු නොවුනද පිවිතුරු හෙටක් ජාතික සභාව ආණ්ඩු පෙරළිය සඳහා වැදගත් කාර්යයක් ඉටුකළ හෙයින් ආණ්ඩුවේ වැදගත් වගකීමක් පවරනු ඇතැයි අපේක්ෂා කළද එය නොලැබීම කනගාටුවට කරුණක් බවද රතන හිමි හිතවතුන්ට පවසා තිබේ.

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන්ද නිහඬ පිළිවෙතක් මේවන විට අනුගමණය කරමින් සිටින අතර සැමවිට ජාතික ව්‍යාපාරය සමඟ සිටි සෝභිත හිමියන්ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශපාලනයේ යෙදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

විචාරකයන් පවසන්නේ ආණ්ඩුවලට මුක්කු ගැසූ වාමාංශික පක්ෂ මුහුණදුන් අර්බුදයටම දැන් ජාතිකවාදී ස්ථාවරයක සිටි හෙළ උරුමයද මුහුණ දෙමින් සිටින බවයි.

-හෙළබිම

Related posts

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

“මුදල් ඇමති ආයෙත් පාර්ලිමේන්තුව ඇන්දුවා.. අල්ලගෙන තඩිබාන්න ඕනෑ” – අනුර දිසානායක

colombotoday

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

colombotoday

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

නොවැම්බරයේදී නව ව්‍යවස්ථාව ගේනවා.. සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරනවා

colombotoday

GI බට නඩුව : ඇමති බැසිල් හා කිත්සිරිට එරෙහි අධිචෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කර ගනී

colombotoday