Colombo Today Local NewsNew Constitution

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

යෝජිත නව ව්‍යවස්ථාවේ ෆෙඩරල් ලක්ෂණ දෙකක් ඇතුළත්වන බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

විෂය පථයන් සම්බන්ධ බලතල පළාත් සභාවට ලබා දෙන බවත්, ලබාදුන් එම බලතල නැවත පවරා ගැනීම මධ්‍යම රජයට බලයක් නොමැති වීම සහ පළාත් සභාවට ලබාදුන් බලතල මධ්‍යම රජයට භාවිතා කිරීමේ බලයක් නොමැති වීම එම ලක්ෂණ දෙක බව ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ දේශපාලන කතිකාවත සමග එක්වෙමිනි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනාවලිය අනුව පළාත් සභාවලට ඉඩම්, පොලිස් බලතල, ප්‍රතිපත්ති සෑදීම බලතල සහ පූර්ණ පරිපාලන බලතල ලබා දිමට යෝජිතය.

එනමුත් නව ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස්කර නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ප්‍රකාශ කරමින් යයි.

https://www.facebook.com/Indika.Liyan/videos/10158133313293242/

Related posts

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

colombotoday

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin