Colombo Today Local News

රනිල්ට 72යි… එතුමට වැඩි කාලයක් නැහැ…

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට වැඩි කල් නොමැති බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ අන්තිම පරිච්ඡේදය ඔහුටම ලිවීමට අවස්ථාව දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන්  දිසානායක මහතා පැවැසීය.

එසේම ඉදිර පාර්ලිමේන්තු මැතිවරණයට  අලියා ලකුණින් තොරව තමා තරග නොකරන බවත් වෙනත් ලකුණිකින් තරග කළහොත් ජනපතිවරණයේ ලැබුණ ඡන්ද ප්‍රමාණවයත් නොලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වයස අවුරුදු 72යි. දැන් එතුමා  පිළිගන්නවා එතුමට වැඩි කල් නෑ කියලා. එතුමගේ අන්තිම පරිච්ඡේදය නම් එතුමට ඒක ලියන්න දෙන්න. කනෙන් ඇඳලා එළියට දාන්න එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නෑ. අපිට පක්ෂ නායකයන් වෙනස් කරන්න කියලා පක්ෂය කඩන්න බෑ. ගාමිණී දිසානායක මැතිතුමාගේ ආදර්ශය ගන්න. එතුමා 1994 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාර්යාලට ගිහිල්ලා නිර්භීතව කිව්වා මට විපක්ෂනායක තනතුර ඕන කියලා.

එහෙම කියලා රහස් ඡන්දයකට ගිහිල්ලා තමයි ඒක ගත්තේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එන්න සුදුසුනම් ඒකට වෙලාවක් තියෙයි. මට නායකත්ව සිහිනයක් නෑ. හැමෝටම දෛවයක් කියලා දෙයක් තිබෙනවා. ඒ දෛවය අනුව අපි බලමු. මම දැන් ජාතික සංවිධායක වෙලත් කටයුතු කරන්නේ ඡන්දයකින්. ලබන සඳුදා මේ ප්‍රශ්නය සමනය වේවි.

කෘත්‍යාධිකාරිය තමයි පක්ෂයේ ඉහළම මණ්ඩලය. මන්ත්‍රී මණ්ඩලය නෙමෙයි. මන්ත්‍රී කණ්ඩායමේ ඡන්ද විමසීමක් කරන්න අපිට අවශ්‍ය නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් කැමැත්ත තියෙන්නේ අලියා ලකුණින් සන්ධානයේ තරග කරන්න.

අපි මේකට ඡන්දයක් තිබ්බේ නෑ. නමුත් ඕනෑම පුද්ගලයෙක් කියනවානම් අපි මේකට ඡන්දයක් තියමු කියලා. අපි ඡන්දයක් ගමු. මම අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග කරන්නේ නෑ. හදවත හාස්‍ය ජනක ලකුණක් එක්ක අපිට තිබ්බ ඡන්ද ටිකවත් ගන්න බැරිවෙයි අලියා ලකුණින් තරග කළේ නැත්නම්”

Related posts

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

colombotoday

රාජිත සෙනරත්න රෝහල් ගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ගනි.

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday

යුගදනවි කොටස් අමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සම් සියල්ල විසිවෙයි

colombotoday