Colombo Today Local News

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

මහජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් නීති රෙගුලාසිවලට කිසිදිනෙක පිටුපා නැති බවත් තමනට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ ඇයි පලවන වාර්තා අසත්‍ය බවත් ඇය පවසයි.

අද වන විට එක්සත් ජාතික පක්ෂය අයිති කරගෙන සිටින බොහෝ පිරිසකට වඩා තමන් පක්ෂයට කැපවී සේවය කළ බව ද නමුත් ඉදිරි මහ මැතිවරණයේ තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදක්වන බව ද පැවසූ ඇය ඔවුන් තමන්ගේ දේශපාලන සහෝදරයන් නිසා ඔවුන්ට විරුද්ධව දේශපාලනය කිරීමට තමන්ට නොහැකි බවද කියා සිටියාය.

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තම පුත්‍රයා ඉදිරිපත් වුවත් ඔහුට ද තමන් සහයෝගය නොදෙන බවද ඇය පවසයි.

තමන් නගරාධිපති ධුරය එක්වරක් දැරීමට පමණක් දේශපාලනයේ නිරත වන්නේ යැයි ද පැවසූ ඇය ඉන්පසු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවද කියා සිටි.

Related posts

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු අරඹයි

Admin

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

colombotoday

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin