Colombo Today Local News

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර ඔහු සමගින් වැඩ කල නොහැකි නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කල යුත්තේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ පුද්ගලික ආශාව උවමනාව මත අගමැතිවරයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කිසි ලෙසකින්වත් සූදානම් නැතැයිද පවතින දේශපාලන අර්බුධය ගැන අදහස් දක්වමින් ඒ මහතා කියා සිටී.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ කැමැත්තතට ඉඩ දුනහොත් එය අනාගතයට නරක පූර්වාදර්ශයක් වනු ඇති බවත් ස්වාධීන පුද්ගලයෙකුට වුවද අගමැති වීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින දේශපාලන අර්බුදය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කර ගනී

colombotoday

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගය ඇරඹෙයි

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday