Colombo Today Local News

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

dineshහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂක භටයන් සිටින්නේ 102ක් බවත් රවී කරුණානායක අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂක භටයින් 500ක් සිටින බවට ජනාධිපතිවරයාට ලබා දී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රවී කරුණානායක අමාත්‍යවරයා ව්‍යාජ තොරතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා නොමග යවා ඇති බවත් මෙවැනි පුද්ගලයන් ලබා දෙන තොරතුරු මත තීන්දු තීරණ ගතහොත් ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය පළුදු වී යන බවද දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රවී කරුණානායක අමාත්‍යවරයාගේ වාර්තාවක් පදනම් කරගනිමින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයින් 500ක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට තීරණය කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා රිවිර පුවත්පතට මෙසේ පවසා ඇත.

Related posts

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

Admin

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

කිලිනොච්චිය හමුදා කඳවුර ඉදිරිපිට තිබු බෝම්බය ?

colombotoday

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday