Colombo Today Local News

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුරේදී එම ජීප් රථය පැදවූයේ තමන් නොවන බව හිටපු ඇමැති චම්පික රණවක මහතාගේ රියදුරා ලෙස කටයුතු කළ තුසිත දිළුම් කුමාර පිළිගෙන ඇත.

විමර්ෂකයන් හමුවේ මේ බව එම රියදුරා පිලිගත් බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාජ් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව දිලුම් තුසිත කුමාර නමැත්තාට ද අධිකරණය නොමග යැවීම යටතේ චෝදනා ගොනු කර ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතුවල සුදත් අස්මඩල යන අයට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අදාල අනතුරෙන් බරපතළ තුවාල ලත් සන්දීප් සම්පත් නම් තරුණයා අදටද ආබාධිතව සිටින අතර ඔහු සමග තවත් යතුරු පැදියකින් ගමන් කල ඔහුගේ මිතුරකු සඳහන් කර ඇත්තේ එම ජීප් රථය පැදවූයේ චම්පික රණවක හිටපු ඇමැතිවරයා බව තමන් දෑසින් දුටු බවත් ඔහු සමඟ කථා කළ බවත්ය.

Related posts

ගාලු මුවදොරට හමුදාව කැඳවයි

colombotoday

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

colombotoday

බැදුම්කර අවසන් වාර්තාවටත් බාලගිරි දොස වැළදේ.. තව කල් යන ලකුණු !

colombotoday

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ප්‍රහාරයකට බව ස්ථීරයි – උතුරේ හමුදා ප්‍රධානීන් කියයි

colombotoday