Colombo Today Local News

රාජගිරියේ රිය අනතුර – පාඨලීට එරෙහි නඩුව විභාගයට ගැනීම දෙසැම්බර්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් මස 11 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (12)දින කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවා ඇත.

මෙම නඩුවේ පැමිණිල්ලට අදාළව ඉදිරිපත් කර තිබෙන පරිගණක ආශ්‍රයෙන් උත්පාදනය කරන ලද සාක්ෂි, විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට පරික්ෂා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහාධිකරණ විනිසුරු විසින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාට නියෝග කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, මෙම රිය අනතුරු සිද්ධියට අදාළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ඩබ්ලිව්. පී. කේ. ටී. 7545 දරණ ජිප් රථය, නඩුව විභාගයට ගන්නා දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම අනතුරට ලක් වූ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට අයත් මෝටර් සයිකලය ද මීළඟ නඩු දිනය දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා ඇත.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ ජිප් රථය මීළඟ නඩු දිනය දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ යතුරු පැදියද මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

Related posts

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සී.වී. විග්නේශ්වරන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි.

colombotoday

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin