Colombo Today Local News

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. – සැමියා පොහොට්ටුවට” යන ශීර්ෂය යටතේ පළවූ පුවත අසත්‍ය බව සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායක පවසනවා.

ඔහු විසින් අප වෙත ඒවා ඇති ලිපිය සැකෙවින් මෙසේයි….

පලවී ඇති ප්‍රවෘත්තියක් නිවැරදි කර ගැනීම සදහායි.

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. – සැමියා පොහොට්ටුවට” යන හිසින් ඔබ වෙබ් අඩවියේ පල වී තිබූ ප්‍රවෘත්තිය අසත්‍ය පදනම් විරහිත ප්‍රවෘත්තියකි. එබැවින් කඩිනමින් මෙම පුවත නිවැරදි කර ඔබ වෙබ් අඩවියේ පල කරන ලෙස ඉල්ලා සිටිමි. එම ප්‍රවෘත්තියෙහි සදහන් කිසිදු තොරතුරක් සත්‍යයෙන් තොර බව නැවත අවධාරණය කර සිටින්නෙමි.

විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, මෙරට ප්‍රවීණ හා ප්‍රකට වෛද්‍යවරියක් වන අතර ඇය මේ වන විට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ධුරය හොබවයි. මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලේ හිටපු නියෝජ්‍ය අධක්ෂවරිය, කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂවරිය හා වෛද්‍ය පරිපාලන සංගමයේ සභාපතිනිය වශයෙන් මෙරට සෞඛ්‍ය පරිපාලන සේවාව වෙනුවෙන් ඇය වැදගත් කාර්යයභාරයක් ඉටු කර ඇත.වෛද්‍යවරයෙකු වශයෙන් රාජිත සේනාරත්න මහතා විසින් කරනු ලබන සෞඛ්‍ය සේවය සදහා එතුමියගේ වෘත්තීය ඵලදායීතාවය දායක කර ඇත. එම ක්‍රියාදාමය තුළ කිසිදු දේශපාලන මුහුණුවරක් නොමැති අතර මෙම ප්‍රවෘත්තිය වෙනත් දේශපාලන පටු අරමුණක් මත කිසිවෙකුගේ අවශ්‍යතාවය මත පල කරන ලද්දකැයි අපි විශ්වාස කරන්නෙමු.

මන්ද එම පුවතේ ප්‍රවෘත්තියක අන්තර්ගතවිය යුතු මූලික කාරණාවන් පවා නොමැති බැවිනි. ඇය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවේ කොහෙදී ද කවදා ද යන කාරණා ඇතුලත්ව නැත. එය පැහැදිලිවම වැරදි මතයක් ජනගත කිරීම උදෙසා කළ දෙයක් බව පැහැදිලිව පෙනී යයි.

වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රබලම අමාත්‍යධුර වලින් එකක් වන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වශයෙන් සහ ජනවාරි 8 විප්ලවයේ ප්‍රධානතම පාර්ශවකරුවෙකු වශයෙන් කිසිදු ලෙසකින් රාජපක්ෂ කණ්ඩායමේ සිට නොගන්නා බව දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තීරණයයි. තමා කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමක් තබා දුරකතන ඇමතුමක් හෝ ලබා ගෙන නොමැති බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය සදහන් කරයි.

දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එතුමාගේ බිරිද වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා සමග හිතවත් නමුත් දේශපාලනික වශයෙන් කදවුරු දෙකක් නියෝජනය කරන බව මුළු රටම දන්නා කරුණකි. මීට වසර 5 කට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට මූලිකත්වය ගත් දොස්තර රාජිත සේනාරත්න මහතා අද ද සිය ස්ථාවරය වෙනස් කොට නැත. වත්මන් ජනාධිපතිවරණ වේදිකාවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජපක්ෂ යුගයේ අදුරු මතකයන් නැවත නැවතත් මහජනතාව වෙත සිහිපත් කර දෙමින් සිටියි.

මන්ද අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට පොද්දල ජයන්තට පහර දීම, මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම් පහර දිම් ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුදු වෑන් කල්ලියේ අතීත කතාව නැවත නැවත එතුමන් විසින් ජනතාවයේ අවධානයට යොමු කරයි. එය රාජපක්ෂ කදවුර හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල කරන අතුල් පහරක් හා සමානය. ඊට මැතිවරණ වේදිකාවේදී පිලිතුරු දීමට අපොහොසත් රාජපක්ෂවරු මෙවැනි පහත් අසංස්කෘතික ක්‍රම මගින් දොස්තර රාජිත සේනාරත්න මහතා නිහඩ කිරීමට ගන්නා උත්සාහයට ඔබ වෙබ් අඩවියද දායකවීම කණගාටුවට කරුණකි.

කෙසේනමුත් මෙවැනි පහත් ක්‍රියා හමුවේ නොසැලෙන එතුමා එයින් තව තවත් පන්නරය ලබා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගෙන අයෝමය ශක්තියකින් සිය අදහස් ප්‍රකාශ කරනු ලබයි. ගොඨාභය රාජපක්ෂ විසින් එදා සිදු කළේද තමන්ට අභියෝගයක් වන පුද්ගලයින් මර්දනය කිරීමයි. අද ද මෙවැනි අසත්‍ය පුවත් පළ කරමින් කරන්නේ ද එයමය. හෙට කුමක් නොකරාවිදැයි කිසිවෙකුට තක්සේරු කළ නොහැකිය. එම නිසා අප අවධාරණය කර සිටින්නේ මෙවන් බාල හැසිරීම් නොදක්වා, අසංවර වින්දනයන් නොවිද යතාර්ථවාදීව දේශපාලනය කරන ලෙසයි. ඒ සඳහා දායක නොවන ලෙස අප ඔබ වෙබ් අඩවියෙන් ඉල්ලා සිටිමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය ජාලා වාර්තා මගින් ප්‍රචලිත කරනු ලබන මෙවන් නිර්ලජ්ජිත දේශපාලන චෝදනා පල කිරීමෙන් ඔබ මාධ්‍ය වෙත ඇති ජනතා විශ්වාසයද කෙලෙසෙනු ඇත. ජනතා ආකර්ශනය ඇති මාධ්‍යයක් ලෙස ඔබ පල කරන පුවත් වල සත්‍යාසත්‍යතාව පිළිබද සොයා බැලීම වාර්තාකරුගේ සහ මාධ්‍යවේදියාගේ වගකීම බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

එම නිසා ඔබ පල කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නැවතත් අපි අවධාරණය කර සිටින්නෙමු. කරුණාකර මුල් ප්‍රවෘත්තිය සදහා ලබා දී තිබූ ප්‍රමුඛතාවයම ලබාදී හැකි ඉක්මණින් මෙම වාර්තාව නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.

එම්. අයි. ජේ. විජේනායක
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය තුමාගේ
මාධ්‍ය ලේකම්

Related posts

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි

colombotoday

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

colombotoday

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday

ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකය

colombotoday