Colombo Today Local News

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට  අද  (13) නියම කළේය.

සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්  කර සිටියේය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය 2019 දෙසැම්බර් මස 30 වැනිදා ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රය ඉදිරිපත් කර තිබිණ.


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ක‍්‍රියාකලාපය අනුව ඔහු අධිකරණය මගහැරයෑමේ හැකියාවක් ඇති බවට නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු නොසලකා හරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කළ ආකාරය ඉතා කණගාටුදායක බව අවධාරණය කළ විනිසුරුවරයා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගයෙන් යුක්තිය බිඳී යාමක් සිදුවී ඇති හෙයින් එම නියෝගය ඉවත දමන බවද සදහන් කළේය.

අදාළ ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රයේ වගඋත්තරකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද නම් කොට ඇත.

මෙම පෙත්සම් විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද  මීට පෙර අවස්ථාවක මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.  එම කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා පැය බාගයකට ආසන්න කාලයක් පුරා එම නියෝගය සම්පුර්ණයෙන්ම අධිකරණය හමුවේ ප‍්‍රකාශයට පත් කළේය. 
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී දෙසැම්බර් 26 වැනිදා රෝගී තත්වයක් බව පවසමින් ඔහු ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් වී ඇති නමුත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයකු විසින් දෙසැම්බර් 27 වැනිදා ඔහු රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් අනතුරුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් දෙසැම්බර් 30 වැනිදා ඔහුට ඇප නියම කර තිබිණ.  රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබ සිටියේ ඇප ලබාදිය හැකි වරදක් සම්බන්ධයෙන් වුවත් එලෙස ඇප නියම කිරීම ඇප පනතේ 14 වැනි වගන්තියට අනුකූලදැයි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සිය අධිකරණ මනස මෙහෙයවා කළ යුතු බවද නියෝගයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ පසු එම වරෙන්තුව ක‍්‍රියාත්මක කිරීමට කොළඹ 07 සහ බේරුවල නිවෙස්වලට රහස් පොලිස් නිලධාරීන් ගොස් ඇති නමුත් දින කිහිපයක්ම ඔහු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට නොහැකි වී තිබේ. තමා කොළඹින් පිටත සිය මිතුරෙකුගේ නිවසේ සිටි බවට රාජිත සේනාරත්න මහතා මෙම අධිකරණයේදී පවසා ඇති නමුත් ඔහු නැවති සිටි නිවස ඔහුගේ බිරිද සහ සහෝදරයා දැන සිට නැතැයිද ඔහුගේ දුරකථනයක් හෝ ක‍්‍රියාත්මකව තිබී නැතැයිද නියෝගය සදහන් කළ විනිසුරුවරයා රාජිත සේනාරත්න මහතා සිය බිරිද සහ සහෝදරයා අනුදැනුම ඇතිව හෝ නොමැතිව ඔහු සිටින තැන හෙළි නොකිරීමට සුක්‍ෂම අයුරින් කටයුතු කොට ඇතැයිද නියෝගයේ සදහන් කළේය. 
රාජිත සේනාරත්න මහතාට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබියදී ඔහු අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටි තත්වයක් තුළ පෞද්ගලික රෝහලකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහුගේ මෙම ක‍්‍රියාකලාපය ඇප පනතේ 14 වැනි වගන්තිය කඩකිරීමක් බව රහස් පොලිස් නිලධාරීන් වැඩිදුර වාර්තා මඟින් අධිකරණයේ අවධානයට ලක් කොට තිබියදීත් මහෙස්ත‍්‍රාත්වරිය ඒ පිළිබඳව සැළකිල්ලක් නොදක්වා ඔහුට ඇප නියම කොට ඇතැයිද නියෝගයේ සඳහන් කළ විනිසුරුවරයා විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන වැඩිදුර වාර්තා කෙරෙහි සියළුම මහෙස්ත‍්‍රාත්වරුන් අවධානය යොමු කිරීම අනීවාර්්‍ය වුවත් රාජිත සේනාරත්න මහතාට ඇප නියම කිරීමේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ අධිකරණ මනසින් ඒ තත්වය ගිලීහි ගොස් ඇතැයිද සදහන් කළේය.

රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දැමීමට නියම කළ විනිසුරුවරයා සැකකරු කැදවා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියට නියම කළේය.

යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවකදී ඔවුන් රෝහල්ගතවීමේ ප‍්‍රවනතාවයක් ඇති බවත් එයට තිත තැබිය යුතු බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හෙයින් එවැනි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයාට, නීතීපතිවරයාගේ ප‍්‍රණාමය පුද කළේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික‍්‍රම මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

Lankadeepa

Related posts

ලොව කැළඹු කවසකි රෝගය ලංකාවටත් කොවිඩ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවදානයෙන් සිටින්න උපදෙස්

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin

තුර්කි විදේශ ඇමති දිවයිනට

colombotoday

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

colombotoday

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

colombotoday

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday