Colombo Today Local News

රාජිත-රන්ජන්-රංජිත් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට පැමිණේ

රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, රංජිත් මද්දුමබණ්ඩාර, ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

ඒ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලවයි.

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු 6 දෙනෙකුට අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පසුගිය 6 වනදා සිතාසි නිකුත් කළේය.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන්, ජේ.සී වැලිඅමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රවී විද්‍යාලංකාර මහතා අද දිනයේ දේශපාලන පලිගැනීම් පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

Related posts

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

colombotoday

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday