Colombo Today Local News

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම ප්‍රථම අද (16)දින මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනුකර තිබෙන හෙයින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදානදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය.

මේ බව දැනුම් දෙමින් වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.

Related posts

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය පැවැත්වෙන හයිඩ් පිටිය පුරා වල්වල් හාරති.. අළුත්වැඩියාවක්ලු !

colombotoday

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

Admin

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin