Colombo Today Local News

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බවට බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14න් 8දෙනෙකු පමණ මෙම තීරණයේ පසුවන බවත් ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී. 

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේ  දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවීමට සූදානමින් සිටින බවත් එකී සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

Related posts

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් නොවූවන්ට ඉල්ලීම් කරන්න දී තිබූ කාලය අවසන්..

Admin

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

මහනුවර උත්ඝෝෂණ භූමියටත් ප්‍රහාරයක්

colombotoday

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

colombotoday

කෝටි දොළහ හමාරක වංචාවක් සිදු කිරීම : ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය FCID කැඳවයි.

colombotoday