Colombo Today Local NewsTop Stories

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ.

ජනපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ සහයකයෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාල සහයකයකු අමතමින්, ප්‍රේමදාස මහතා කැටුව පැමිණීමට සිටි දූතයින් තිදෙනෙකුට එම හමුවට සහභාගීවීමට අවසර නොමැති බව දැනුම් දුන්නේය. එයින් දෙදෙනෙක් හිටපු අමාත්‍යවරුන් වූ පාඨළී චම්පික රණවක සහ රිෂාඞ් බදුර්දීන් වූහ.

රණවක ජාතික හෙළ උරුමයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන අතර බදුර්දීන් සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා වේ. තෙවැනියා වූයේ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාය. හෙතෙම සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ පොරොත්තුවෙන් සිටින්නෙකි.

මේ හමුවේ හදිසි රැස්වීමක් කැදවූ සමගි ජනබලවේගයේ නායකයෝ සිදුකළ යුතුව තිබෙන දේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ඒ අනුව ඔවුන්ගේ නායක සජිත් ප්‍රේමදාස සහ බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු ජනපතිවරයා හමුවිය යුතු බවට ඔවුහු තීරණය කළහ. ජනපතිවරයා තමා හමුවීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ ඔවුන් කළ ඉල්ලීම නිසා බව සමගි ජනබලවේගයේ නායකයෝ අවධානයට ගත් අතර, එනිසාවෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පනවා තිබෙන ඇදිරි නීතිය සමග මතුව තිබෙන ගැටළු, කෝවිඞ්-19ට එරෙහිව කරන සටන සහ පාර්ලිමේන්තු මැතිවරණය, යන කාරණා සම්බන්ධයෙන් ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට මෙය හොදම අවස්ථාවක් බවට ඔවුහු එකග වූහ.

සිය නිලධාරී මණ්ඩලය සමග අදහස් දැක්වූ ජනපති ගෝඨාභය මහතා ඉහත කී තිදෙන හමුවට සහභාගී කරගැනීමෙන් වැළකීමට තමා තීරණය කළේ ඇයිදැයි පැහැදිලි කළේය. හිටපු අමාත්‍යවරුන් වන රණවකට සහ බදුර්දීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබෙන බවත් ඔවුන් දෙදෙනම දැනට ඇප මත නිදහස් කර සිටින්නවුන් බවත් පෙන්වාදුන් ජනපතිවරයා …

“මම ඒ අයව මුණගැහුනොත් මම වැරදි පණිවිඩයක් දුන්නා වෙනවා. එහෙම කළොත්, අනෙක් අයත් මම වගේම කටයුතු කරන්න ගනීවි” යැයි පැවසුවේ ය.

සුරේන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ඔහු මෙම හමුවේ දී තමා නෛතික කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව කීවේය. පාර්ලිමේන්තු මැතිවරණය සහ වෙනත් කාරණාවලට අදාළ ව්‍යවස්ථාමය ගැටළු මෙම හමුවේදී මතු කැරෙනු ඇතැයි ජනපතිවරයා කල්තියාම හදුනාගෙන සිටි බවක් පෙනිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි හමුවේ ආරම්භක කොටස සජිත් ප්‍රේමදාස මහතා යොදාගත්තේ කෝවිඞ්-19 වසංගතය හා සම්බන්ධ ගැටලු ගෙනහැර දැක්වීමටය. මාරාන්තික කෝවිඞ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වුනු මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතරින් පතර සජිත් ප්‍රේමදාස මතුකළ ගැටලුවලට ප්‍රතිචාර දැක්වූයේය. ඩලස් අලහප්පෙරුම සහ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපතිවරයාගේ විශේෂ දූත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කිරීමක් සිදුකරමින් රටේ විවිධ ප්‍රදේශවලට ආහාර බෙදාහැරෙමින් පවතින ආකාරය පෙන්වා දුන්නේය. ඔහු එවැනි පැහැදිලි කිරීමක් සිදුකළේ නිශ්පාදකයන් සහ පාරිභෝගිකයන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවට ප්‍රේමදාස මහතා පවසා සිටීමෙන් අනතුරුවය.

මෙම බෙදාහැරීමේ යාන්ත්‍රණය සදහා බිම් මට්ටමේ (ග්‍රාම සේවක නිලධාරීන් ද ඇතුලුව) දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඔවුන්ගේ සහයක නිලධාරීන් සම්බන්ධ කරගෙන තිබේ. ව්‍යසනය අවසානයේ නැවත සාමාන්‍ය තත්ත්වයට රට පත්කිරීම සදහා අනුගමනය කළ යුතු පිටවුම් ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබෙන බවට යෝජනාවක් ඉදිරිපත් විය.

රටේ ඖෂධ හිගයක් පවතින බවට ද කෝවිඞ්-19 ආසාදිතයන් හදුනාගැනීම සදහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණයන් සිදුනොවන බවට ද සමගි ජනබලවේගයේ දෙදෙනා චෝදනා කළහ. නමුත් වෛරසය පැතිරීම මර්දනය කිරීමේ ව්‍යායාමයේ නියැලී සිටින වෛද්‍ය වෘත්තිකයෝ එම චෝදනා බැහැර කළහ.

Lankadeepa

Related posts

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday