Colombo Today Local News

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

unnamed-28
ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින් සදහන් කලේ ,
“දරුවෙක් පිළිසිද ගත්තම දස මාසෙන් මෙලොව එලිය දකිනව. පෙරේදා මේ ආන්ඩුවත් දස මාසයක් සම්පූර්න කළා. ජනවාරි මාසෙ 9 වෙනිද මළ හිරු බැස යද්දි සවස 6.20ට මේ ආන්ඩුව ආරම්භ වුනා. දැන් මාස 10යි. මේ මාස දහය මම කැමතියි සංසන්ධනය කරන්න ඉතාම කෙටියෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පළවෙනි මාස 10ත් එක්ක. 2005 නොවැම්බර් මාසෙ 19 වෙනිද එතුමන් බලයට පත්වුනු නිසා එතුමගෙ පලවෙනි මාස 10 සම්පූර්ණ වුනේ 2006 සැප්තැම්බර් 19 වෙනිදයි. 2006 සැප්තැම්බර් 19 වෙනිද වන විට කොටි සංවිධානය පුර්න වශයෙන්ම විනාශකිරීම අරමුනු කරගත් මානුශික මෙහෙයුම අරබා අවසන්.
දිස්ත්‍රික් මට්ටමින් ප්‍රදේශීය සංවර්ධනය ඉලක්ක කරගත් ජාතික සවිය ව්‍යාපෘතිය ආරම්භවී අවසන්. ඒ වගේම මග නැගුම හරහා අවුරුදු 48කට පස්සෙ පාරවල් කොන්ක්‍රීට් කිරීම ආරම්භ කළා. තමුන්නාසේලා දන්නව ඇති වරාය පාර 1948 ආචාර්ය ඒ . එන් . එස් . කුලසිංහ මැතිතුමන් විසින් කොන්ක්‍රීට් කලාට පස්සේ රටේ පාරවල් කොන්ක්‍රීට් කිරීම නතරවෙලා තිබුනා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය පළවෙනි මාස 10 ඒක පටන් ගත්තා.
ඒ වගේම ජේ. ආර්. ජයවර්ධන ජනපති තුමන්ගේ කාලයේ ඉදන්ම විවිධ විරෝධතා නිසා ආරම්භ කරන්න බැරිවුනු ගල් අගුරු තාප විදුලි බලාගාරයේ කටයුතු ආරම්භ කලා. පලවෙනි මාස 10 අවසන් වන විට මේ රට අළුත් වෙනසකට යනවා කියල දැනිල අපි දැක්ක විපක්ෂයේ හිටපු තොන්ඩමන් මැතිතුමන්ගේ පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමන්ගේ දෑත ශක්තිමත් කළ යුතුයි කියන තැනට ආව.
දැන් මේ මාස දහයෙ මොකද කරල තියෙන්නෙ. තියෙනවද එකම එක ව්‍යාපෘතියක් හරියට කරපු. අතන ලයිස්තුවක් තියෙනවනෙ. එහෙම නෑ. මං කාලය ගන්නෑ නොකරපු දේවල් කියන්න. මං කාලය ගන්නෑ තිබිල ජනතාවට අහිමිවුනු දේවල් කියන්න. එකම එක ව්‍යාපෘතියයි තියෙන්නේ ඒ තමයි හොරු අල්ලනවෝ. ඔන්න ඇල්ලුව මෙන්න ඇල්ලූව ඒත් අල්ලල නෑ.
අද වෙනකම් කතාකරපු කිසිම මෙගා ඩීල් එකක් සාධනීයව ඔප්පුකරගන්න බැරිවෙලා තියෙනව. ඒ වෙනුවට ජනවාරි 8 වෙනිද මැතිවරණයට එක සුරංගනා කතාවක් ඉදිරිපත් කළා ජනවාරි 29 වෙනිද අය වැය නමින් තවත් සුරංගනා කතාවක් ඉදිරිපත් කලා. අගෝස්ත් 17 වෙනිද පාර්ලිමේන්තු මැතිවරණය ඉල්කක කරගෙන තවත් සුරංගනා කතාවක් ඉදිරිපත් කලා. නොවැම්බර් 5 වෙනිද පස්වසරක ආර්ථික ප්‍රතිපත්ති රාමුව නමින් අගමැතිතුමන් තවත් සුරංගනා කතාවක් ඉදිරිපත් කලා. ඉදිරියේ එන 20 වෙනිද ගරු මුදල් ඇමතිතුමන් තවත් සුරංගනා කතාවක්, පුංචි දරුවො සතුටුවෙන්න පුලුවන්, ලොකු අයට බය හිතෙන්න ඉඩ තියෙන, නොතේරෙන අය සතුටුවෙන තේරෙන අයට බය හිතෙන තවත් සුරංගනා කතාවක් මේ දිනවල ලියමින් යනවා කියල අපිට තොරතුරු ලැබිල තියෙනව. අපි ආණ්ඩුවට කියන්නේ කතා ඇති. ඇතිවෙන්න කතා දැන් ජනතාව අහලයි තියෙන්නේ. වැඩ පෙන්නන්න කාලය ඇවිල්ල. නැතිනම් මේ ආණ්ඩුව වැඩ බැරි ටාර්සන් කෙනෙක් ලෙසට ජනතාව තේරුම් ගනී.
අද අපිට මතක් වෙනව අපි පුංචිකාලෙ අහපු සිංදුවක්. ඒ තමයි රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා. අපිට ඒ සිංදුව යලිත් පාර්ලිමෙන්තුවේදී ගායනා කිරීමට 20 වෙනිදා නොවේවා කියල අපි පාර්ථනා කරනවා. “

Related posts

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සමගි සන්ධානයේ ඉන්නේ මේ රටේ සාරය උරාබීපු රකුසන් පිරිසක් – අනුර ප්‍රියදර්ශන යාපා කියයි.

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මරුට

colombotoday

මේක බුදුන්ගේ දේශයයි. | අසාධාරණය වුනේ සිංහලයන්ටයි. | මානව හිමිකම් උල්ලංඝනය කලේ ත්‍රස්තවාදීන්. | දෙමල වෛද්‍යවරයාගේ හෘද සාක්ෂිය

colombotoday

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම: ISIS in sri lanka කණ්ඩායමට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු

colombotoday

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

colombotoday