Colombo Today Local News

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් දස දෙනකුට පත්වීම් ලිපි භාරදීම අද (11වැනිදා) දහවල් සිදු කිරීමට නියමිත අතර එහිදී ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඇතුළු තවත් නවදෙනකුට අලුතින් ආසන සංවිධායක තනතුර ලබාදීමට කටයුතු යොදා තිබේ.

මෙම පත්වීම් ලිපි ලබාදීම එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ.

මෙහිදී මීගමුව ආසනයේ ප්‍රධාන එජාප සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය යටතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නව ආසන සංවිධායකයන් දස දෙනා පත්කිරීමට නියමිතය.

Related posts

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

colombotoday

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

colombotoday

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

Admin

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

ඩයනා ගමගේට නොතීසි

Admin

සුද්දන් වැනසූ අසේල, සුද්දන්ගේ මීඩියාවලට සිංහලෙන් දුන්න වොයි කට් එක මෙන්න (VIDEO)

colombotoday