Colombo Today Local News

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

නව රජයේ මාධ්‍ය විෂය බාර අමාත්‍යවරයා ලෙස ඊයේ (20) දිනයේ රාජකාරි ආරම්භ කල මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ජාතික රුපවාහිනියේ නව සභාපති ලෙස ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය පත්කර ඇතත්, දැනට සභාපති ධුරය දරන නීතිඥ සරත් කෝන්ගහගේ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය අද (21) දිනයේ වැඩ බාර ගැනීමට නියමිත හෙයින් කෝන්ගහගේ මහතා සේවකයින් අමතා ඊයේ ආයතනයෙන් ඉවත්ව ගොස් ඇතත්, ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තනතුරින් ඉවත් නොවන ලෙසත් අද දිනයේ ජාතික රුපවාහිනිය හා ජාතික ගුවන් විදුලි සේවය තමා යටතට පත්කර ගන්නා බවත් ප්‍රකාශ කර ඇතයි ද පැවසේ.

ඒ අනුව අද යළි තමා සේවයට එන බව සරත් කෝන්ගහගේ මහතා රුපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා විසින් අද දිනයේදී අමාත්‍යංශ ලේකම්වරුන් හා අමාත්‍යංශ වලට අදාළ ආයතන හා විෂයයන් ගැසට් කිරීමට නියමිතය. එහිදී ජාතික රුපවාහිනිය ඇතුළු වෙනත් අමාත්‍යංශ වලට අයත් විෂයන් කිහිපයක් ඔහු යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

Related posts

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday

කොළ විකුණා ජිවත් වුණු හරක් කටාගේ නැන්දම්මාගේ නමට ලක්ෂ 115ක නිවසක්

colombotoday

පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

colombotoday