Colombo Today Local News

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

සිල් ගත්ත උපාසක උපාසිකාවන්ට සිල්රෙදි බෙදාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් වැය කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළ බවට වූ චෝදනාවට වැරදිකරුවන් කර, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එම කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට යන දෙදෙනාට සිරදඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඔවුන් දෙදෙනා ගොනු කළ ඇපෑල විභාගයේ තීන්දුව හෙට (19 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම තීන්දුව ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත්, නිරෝධායන නීති හේතූවෙන් අධිකරණය නොපැවැත්වුණි.

කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා තෙන්නකෝන් යන විනිසුරු මඬුල්ල හමුවේ ඇපෑල විභාග විය.

Related posts

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday

මෙතෙක් නිල නිවාස, වාහන බාර නොදුන් ගිය රජයේ ඇමතිලාට නීතිමය පියවර !

colombotoday

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

colombotoday