Colombo Today Local NewsCovid 19

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

කොරෝනා වයිසය ආසාදනයෙන් ලොව පුරා මේ වන විට මරණ 41,654 ක් සිදුවී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3,400 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉක්මවා ඇත.

ඒ අනුව තුන්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට අමෙරිකාව පත්ව තිබේ.

මරණ 12,428 ක් වාර්තා වන ඉතාලිය ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට පත්ව ඇත.

දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ස්පාඤ්ඤය පත්වී ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 8,269 ක් වේ.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 820,000 අධික සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතරින් පුද්ගලයින් 174,000 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා සිටිති.

Related posts

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday

මෛත්‍රී හිටපු ගෙදර මහින්ද පදිංචියට යයි !

colombotoday

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

colombotoday

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටෙයි – රථ වාහන ගමනාගමනය ඇනහිටී

colombotoday

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

Admin