Colombo Today Local News

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (19) නියෝග කර ඇත.

කෝලිත ඒකනායක නැමති මන්ත්‍රීවරයා විසින් සිසුවා වැන් රථයක් තුළදී අපහරණයට ලක්කළ බවට එම දරුවාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් මත එම මන්ත්‍රීවරයා අද (19 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකර ඇති බවත් පසුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කර ඇති බවත් වාර්තාවේ.

සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයා උකුවෙල – ගුරලවෙල පදිංචි දෙදරු පියෙකි.

ඉකුත් 14 දින උකුවෙල-ගුරලවෙල කන්දේ මඩ ගම්මානයේ තිබු මළගෙදරක සිය ලොකු අම්මා සමග පාසැල් සිසුවාද සහභාගිවී තිබේ. එම මළගෙදරට සැකකාර මන්ත්‍රීවරයාද සහභාගිවී සිට ඇත. එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිසුවා සමග උපක්‍රමශීලිව සුහදවී මිතුදමක් ගොඩ නගා ගෙන ටික වෙලාවකින් තමන් පැමිණි යතුරු පැදියේ යතුර නැතිවී ඇති බැවින් එය සොයා ගැනීමට උදව් කරන ලෙස මන්ත්‍රීවරයා සිසුවාගෙන් ඉල්ලා තිබේ.

පාසල් දරුවා තම ලොකු අම්මාට මේ බව පවසා අවසර ගෙන මන්ත්‍රීවරයා සමග මළ ගෙදරින් පිටතට පැමිණ යතුර සොවීමට උදව් වී ඇත. එහෙත් ටික වෙලාවකින් යතුර හමුවී ඇති බව පවසා එය සොයාදීමට උදව් කලාට පාසල් සිසුවාට තෑග්ගක් ලබාදීමට අවශ්‍ය බව පවසා තිබේ. එම සිසුවාට බෆල් එකක් ලබාදීමට යැයි පවසා තමා සමග පැමිණෙන ලෙස දන්වා යතුරු පැදියේ පිටුපස නංවා ගෙන මළගෙදර සිට කිලෝ මීටර් හතරක් පමණ දුරින් වූ උකුවෙල නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි නිවෙසකට රැගෙන ගොස් තිබේ.

පසුව ඒ අසල ගරාජයක නතර කර තිබු වැන් රථයක් තුළදී තමාව අපහරණයට ලක්කල බව සිසුවා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පසුගිය 17 දින පැමිණිලි කර තිබිණි.

අපහරණයට ලක්වූ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාතලේ රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධව මාතලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය ගැන චීන මුදල් අමාත්‍යවරයාගෙන් සහතිකයක්

Admin

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

colombotoday

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday

සිංහල ජාතිය ගැන කතා කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ඇමතිකම අහිමිවෙයි ?

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday