Colombo Today Local News

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

කොළඹ වරාය සේවකයින් අද (02) දහවල් සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන් කර තිබේ.

චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු දොඹකරයකට නැග ඊයේ (01) දිනයේ ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේය.

සියලු වෘත්තීය සමිති රැස් වී ගත් තීන්දුවකට අනුව වැඩවර්ජනය ආරම්භ කළ බව වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.

අදාළ දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට බලධාරින් එකඟතාව පළ කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.

Related posts

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

පංති කාමරයට කොස්ගහක් කඩන් වැටී දරුවන් අටක් රෝහලේ…

Admin

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

Admin

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday

දේශපාලන අර්බුධය යට සැගවුණු භයානක් අර්බුධයක් ඩීව් හෙළි කරයි…

colombotoday