Colombo Today Local News

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

වසර පහක් අපේ ආර්ථිකය කාබාසිනියා කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා ලංකාව ණය බරින් මිරිකිලා නිසා පිටරටවල් ණය දෙන්නේ නැතිලු. ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් එජාපයට විතරලු. මුලින්ම අපි ණය බර බලමු. ණය බර කියන්නේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විධියට ණය කොපමණ තිබෙනවා ද කියන එකයි. 2005 දී අපි රට භාර ගන්නා විට ලංකාවේ ණය බර 103%යි. දැවැන්ත යුද්ධයක් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංර්වධනයක් කරන ගමන් ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවූවා.

අපේ වසර දහය තුල ආණ්ඩුවේ ණය ට්‍රිලියන 2 සිට 7 දක්වා ට්‍රිලියන 5කින් ඉහළ ගිය බව ඇත්තක්. ඒ මුදල් වලින් අපි යුද්ධය නිම කළා. වරාය, ගුවන් තොටුපොල, විදුලි බලාගාර, අධිවේගි මාර්ග සහ ක්‍රීඩාංගන ආදි දහසක් දේ කළා. එජාපය විසින් ආණ්ඩුවේ ණය ට්‍රිලියන 7 සිට 13 දක්වා වසර පහකට ට්‍රිලියන 6කින් වැඩි කළා. නමුත් කරපු එක් දෙයක් තිබෙනවා ද?

රටේ ණය බර අහස උසට නැංවූ රනිල් මැතිතුමා ණය බර වැඩි නිසා ජපානය ලංකාවට ණය දෙන්නේ නෑ කියන්න ලැජ්ජා නැද්ද?

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා සිටිය වසර පහට ඒක පුද්ගල ආදායම වැඩි වුණේ ඩොලර් 33කින් විතරයි. එක වසරකට ඩොලර් හයක් විතරයි. ලංකා ඉතිහාසයේ දුර්වලම ආර්ථික ප්‍රගතිය පෙන්වපු රනිල් මැතිතුමා ආර්ථිකය ගොඩ නගන්න තමන්ට රට භාර දෙන මෙන් ඉල්ලීම තමයි වසරේ හොඳම විහිළුව.

ප්‍රශ්නය : සමගි ජන බලවේගයේ කට්ටිය ඔබතුමන්ලා සහ යූඑන්පිය ඡන්දයෙන් පස්සේ එකතුවෙලා ආණ්ඩුවක් හදන ඩීල් එකක ඉන්න බවට චෝදනා කරණවා.

පිළිතුර : සමගි ජන බලවේගයට 4 පන්තියේ ගණිතය තේරෙනවනම් එකතු කිරීම අඩු කිරීම සහ ප්‍රතිශත හරියට ඉගෙන ගත්තා නම් ඔය ප්‍රශ්නය මතු වෙන්නේ නෑ. පසුගිය ජනාධිපති වරණයේදී අපි 52%ක් ගත්තා. ඉතිහාසයට අනුව ජනාධිපතිවරණය ආසන්නයේ පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණවලදී ජනපතිවරණය ජයග්‍රහණය කළ පාර්ශවයේ ප්‍රතිශතය වැඩි වනවා මිස අඩුවෙලා නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි කාගෙන්වත් සහයක් නැතුව බහුතරයකට යනවා.

අද අපිට විපක්ෂයක් නෑ. මේ මැතිවරණය අපිට හරිම පාළුයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ හතුරා වෙලා තියෙන්නෙ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය හතුරා වෙලා තියෙන්නේ එජාපයයි. අපි විතරයි රාජ්‍ය බලය වෙනුවෙන් ඡන්දය ඉල්ලන්නේ. එජාපය සහ සමගි ජන බලවේගය ඡන්දය ඉල්ලන්නේ රාජ්‍ය බලය අල්ලන්නට නොව සිරිකොත බලය අල්ලන්නයි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ඉල්ලන්නේ තමන්ගේ 3% රැකගන්නයි. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වරටයි එක පක්ෂයක් විතරක් රාජ්‍ය බලය වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවක් එළඹිලා තියෙන්නේ. එනිසා අප ඉතිහාසයේ නොවූ විරූ ජයග්‍රහණයකට යෑමේ හැකියාව තිබෙනවා.

Related posts

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

colombotoday