Colombo Today Local News

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් බව ආරන්චි මාර්ග පවසයි එසේම  මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ නැගෙනහිර පලාතේ නව ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මියයි 

 රටටම සීනී නිෂ්පාදනය කරමින් උක් ගොවීන්ගේ ජීවිත සුරක්ෂා කල මෙම සීනි සමාගම වසා දමා මේ වන විට වසර 30 කට ආසන්නයි.එතෙක් බලයට පත් වූ කිසිම රජයක් මෙය යළි ආරම්භ කිරීමට නිසියාකාරව උත්සාහ නොදැරූ අතර මෙවර ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයෙකු සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුකාරවරිය බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මෙම සීනී සමාගම යළි ආරම්භ කලහොත් වසරකදී මිලියන 40,000 ක් හෙවත් රුපියල් කෝටි 40 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන අතර මෙම සමාගම මඟින් බිහිවන සෘජු සහ වක්‍ර රැකියා ගණන 6000 කට ආසන්නයි 

චෙකොස්ලොවෙකියා රජය විසින් ලබාදෙනු ලැබූ ප්‍රදානයක් වන කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ 1960 ඔක්තෝබර් 02 වැනිදායි.එකල රටට අවශ්‍ය සීනී පාරිභෝජනයෙන් 8.5% ක් මෙහි නිෂ්පාදනය කෙරුණු අතර 1993 වසරේදී එය පෞද්ගලික සමාගමක් වෙත පවරනු ලැබුවේය.නමුත් 1994 වසර අවසානය වන විට කන්තලේ සීනී කර්මාන්තශාලව සම්පූර්ණයෙන්ම වැසි ගියේය. 

Related posts

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

Admin

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

colombotoday