Articles

වළලනවාද? දවනවාද? ශරියා ද? සතුරන්ට වඩා ළඟම සිටින ව්‍යාජ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීම වඩා වැදගත්.

ලෝක ඉතිහාසයේ මහාමාරිය වැනි වසංගත පැතිර යාම පිළිබඳ අප අසා තිබුණ ද, මැත යුගයේ පැතිර ගිය ඉබෝලා, කුරුලු උණ, ප්‍රංශ උණ පිළිබඳ දැන සිටිය ද වසංගතයක් මෙතරම් දරුණු බව අපට හිතට දැනුණේ කෝවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමගය.

අත්දැකීම් නොමැති වුව ද අපේ රටේ කෝවිඩ් පළමු රැල්ලට රජය සාර්ථකව මුහුණ දුන් බවට හොඳම සාක්ෂ්‍ය වන්නේ මාස දෙකකට වැඩි කාලයක් කිසිදු රෝගීයෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරව වාර්තා නොවීමත්, එයට ප්‍රතිචාර වශයෙන් මිලියන හතක පමණ නැත්නම් හරියටම 68,53,690ක ජනතාව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට 2/3ක බහුතරයක් ලබා දී රජය පිළිබඳව තම ප්‍රතිචාරය දන්වා සිටියහ. ඇත්තටම එහි ගෞරවය ජනාධිපතිතුමන් ඇතුළු සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මෙන්ම ඒ් වෙනුවෙන් කැපවුණ සියලු ජනතාවට ද එක සේ ලැබිය යුතුය.

ඒහෙත් යම් ජන කොටස් විසින් කෝවිඩ් මර්දනය වෙනුවට ප්‍රවර්ධනයට හේතුවන ආකාරයෙන් කටයුතු කළ බව සමහරුන්ට අමතකව ගොස් ඇත. මුල්ම අසාදිතයන් අතර වූ ගල්කිස්ස ප්‍රදේශයේ මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයා කිසිදු වගකීමක් තොරව රටපුරාම කෝවිඩ් පැතිර වීමට දායක වූ අතර සංචරණ නීති නොතකා ඉන්දියාවේ සහ ඉන්දුනිසියාවේ ආගමික සම්මේලනවලට සහභාගි වූ මුස්ලිම් පිරිස් මගින් පුත්තලම, කළුතර, බේරුවල, බණ්ඩාරගම, අකුරණ ආදී ප්‍රදේශවල සිඝ්‍රයෙන් කෝවිඩ් පැතිර යාමට හේතු විය. ඒමෙන්ම ඒ් හා සැබැඳි  අටලුගම වැනි ප්‍රදේශවල වූ අනවශ්‍ය සිදුවීම් වී වැඩිකලක් නැති වුව ද අප මේ වන විටත් ඒ්වා අමතක කර ඇත. එමෙන්ම විවිධ ප්‍රදේශවල ජනරාශි ඒකතු කරමින් දේව මෙහෙයන් සිදුකළ ඉවැන්ජලික ක්‍රිස්තියානු පුජකයන් (පාස්ටර්)  යාපනයට මෙන්ම වතුකරයට ද කෝවිඩ් ව්‍යාප්ත කරනු ලැබීය.

රජය මහත් පරිශ්‍රමයක් දරා කෝවිඩ් මර්දනයට කටයුතු කළ ද මුල් කෝවිඩ් රැල්ලට මරණ 13ක් වාර්තා වූ අතර ඒයින් 5ක් මුස්ලිම් ජාතිකයන් විය. එම පළමු රැල්ලේ පළමු මරණයේ සිට සිංහල, දෙමළ, මුස්ලිම් ජාතින් වේවා, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුනු ආගමිකයන් වේවා සියලු කෝවිඩ් මරණ සඳහා අනුගමනය කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දුන් නිර්දේශ අනුව අප රටට ගැලපෙන නිර්ණායකය අනුවය.

ඒහෙත් අවාසනාවකට සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මුස්ලිම් ඡන්දවලට ඇති කෑදරකමින් මිය යන ඉස්ලාමිකයන් ඔවුන්ගේ ආගමානුකූලව වැළලිය යුතු යැයි හඬක් නැගීය. ඒ් සටන් පාඨයේම එල්ලුන මොහොමඩ් අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිතිඥයා ලෙස පෙනි සිටිමින් කියා සිටියේ අල්ජසීරා රුපවාහිනියට කියා සිටියේ කෝවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයන් අදාහනය කිරීම මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ක්‍රියාවක් බවය. ඔහු එවැනි හඬක් ඔහු නැගුවේ එයින් පොදුජන එක්සත් පෙරමුණට හානියක් වන බව දැන දැනමය.

මෙවර මහ මැතිවරණයෙන් පසු ඒහි ගාමක බලවේගය වූ මහා සංඝ රත්නයේ සහ ගෝඨාභය මහතා වෙනුවෙන් පෙනි සිටි දේශප්‍රේමී පුද්ගලයන්ගේ දැඩි විරෝධය මැද තවත් සුදුස්සන් සිටිය දී අලි සබ්‍රී මහතා අධිකරණ ඇමති බවට පත් වූයේ ජාතික ලැයිස්තුවෙනි. ඒ් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් අධිකරණ ක්‍රියාදාමයේ දී දැක්වූ සහයට බව කවුරුත් දන්නා කරුණකි. ජනාධිපතිවරයා එයට පමණටත් වඩා කෘතගුණ දැක්වීමක් වශයෙන් තම යුතුකම ඉටු කළ ද අලි සබ්‍රී අමාත්‍යවරයා රජය අපහසුතාවට පත් කරමින් රටේ ඉහළම අමාත්‍යධුරයක් දරමින්ම තමන් නියෝජනය කරන ජනවර්ගය වෙනුවෙන් පමණක් පෙනි සිට මුස්ලිම් මරණ සඳහා වැළලීම සඳහා තම බලය යොදවනු බව පැහැදිලිව පෙනෙයි. රටේ බහුතරය වූ බෞද්ධයන්ට ද පාංශකූලයවත්, හින්දුන්ට අන්ත්යෙෂ්ටි වතාවත් ද කිතුනුවන්ට තම අවමංගල දේව මෙහෙය ද, ඉස්ලාමිකයන්ට ජනාසා වතාවත් ද භේදයකින් තොරව ඒ් ආකරයෙන්ම ඉටු කළ නොහැකි වූයේ ජනවාර්ගික හෝ ආගමික භේදයක් නොවන බවට  තේරුම් නොගන්නේ මොවුන් සෑම විටම තමන් අනෙක් ජනවර්ගවලට වඩා සුවීශේෂි ජනකොට්ඨාශක් බව පෙන්වීමටය. ක්‍රිස්තියානි ආගමික නිකායවල් ද වැළලීම අනුමත කර තිබීයදීත් ඔවුන් එසේ සටන් පාඨයක් නොකර ගත්හ.

අපේ රටේ දෙවන කෝවිඩ් රැල්ල ව්‍යාප්තියට ද මග පැදුවේ ද මුස්ලිම් මුලාශ්‍රයකිනි. ඒ් තම සේවකයන් කෝවිඩ්19 රෝග ලක්ෂණ පෙන්වුව ද නොසැලකිමත්ව කැදර ලෙසින් ඔවුන් නිසි ප්‍රතිකාරවලට යොමු නොකර දිගටම සේවයේ යෙදවීම හේතුවෙනි. අද (නොවැ.15) වන විට දෙවන කොවිඩ් රැල්ලෙන් මරණ 43ක් වාර්තා වි ඇති අතර පළමු රැල්ල මෙන් නොව ක්ෂණික ව්‍යාප්තියත්, ආරම්භයේ රජය නිසි කළ නිසි පියවර ගැනීමට අපොහොසත් විමත්, පොදුවේ ජනතාව ද කෝවිඩ් වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් පුරුදු නොසලකා හැරිම ද හේතුවෙන් බරපතල තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක පවති.

දැනට ඇති වසංගත තත්ත්වය බරපතල තත්ත්වයට පත් කර නොගැනීමට නම් ඒය පිටුදැකීමට ගත යුතු ප්‍රශස්ත ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ් අනුව කෝවිඩ් මරණවල අවසන් කටයුතු කිරීම සඳහා වඩාත් සුදුසුම සහ සරල ක්‍රමය වනුයේ ආදාහනය (දැවීම) බවට කිසිදු තර්කයක් නැති බව බව ඕනෑම අයෙකුට තේරුම් යා යුතු සරල කරුණකි. දැවීමෙන් පසු කිසිදු වෛරසයක් ඉතිරියක් නොමැතිව විනාශ වන බැවිනි. ඒහෙත් වැළලීමෙන් ඒම වෛරසය ජලමුලාශවලට එක්විය හැකි බව විදෙස් මෙන්ම දේශීය විශේඥයන් ද කරුණු පැහැදිලිව දක්වා ඇත. එමෙන්ම වැළලීම් මගින් අනාගතයේ දී අනතුරක් නොම වේ යැයි කිසිවෙකුට සහතිකයක් දිය හැකිද?

කොවිඩ් මරණ භූමිදානය කරන රටවල් තිබෙන බව සැබැය. ඒයට හේතු වශයෙන් ඔවුන්ට දිනකට සිදුවන මරණ සංඛ්‍යාව අනුව ආදාහනය කිරීමට අදාහනාගාර හෝ දර ඉන්ධන ප්‍රමාණවත් තරම් නොමැති වීමය. මැදපෙරදිග මෘතශරීර වළලන චාරිත්‍රයට ද හේතුව ද එය වන අතර මෘතශරීරයක් පැය 24ක් තුළ වළලන්නේ ද එය සිඝ්‍රයෙන් හායනය වන බැවිනි. ඒබැවින් එම චාරිත්‍ර ඒ් කලාපයේ භූ දේශගුණික තත්ත්ව අනුව ගැළපුණ ද මේ අරාබිය නොවන බැවින් අරාබි ඔටු මානසිකත්වයෙන් අප රටේ ද ඒ් ලෙසම යොදාගත යුතු කරන බලපෑම ද අන්තවාදයේ තවත් පැතිකඩකි.

රජය ආර්ථික වශයෙන් දුර්වලව ඇති අවස්ථාවක රජයේ වගකිවයුතු අමාත්‍ය ධුරයක් දරණ අලි සබ්‍රී මහතා, ජනතා මතයට එරෙහිව යමින් ජාත්‍යන්තරය, රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තවාදී පුද්ගලයන් සමගින් ඒක්සත් ජාතින් නියෝජිත වෙත යන්නේ රජය අපහසුතාවයට පත් කර තම අන්තවාදී ඉල්ලිම් ලබා ගැනීමට බව රටවැසියා දැන සිටිය ද දැනගත යුතුම අය නොදැන සිටීම කණගාටුදායකය. කෙටියෙන් දැක්වුවොත් ජනාධිපතිවරයා බේරා ගැනීමට අධිකරණයට ගිය පුද්ගලයාම, ජනතාවට ජනාධිපතිවරයාට එරෙහිව යාමට පෙළඹවිමකි. එනම් එය අල්ටකියා පන්නයේ උපායකි. ජනාධිපතිවරයාගේ සේවනේ සිටම ජනාධිපතිවරයා දේශපාලනිකව විනාශ කිරීමේ ක්‍රියාවකි. එය බාබු විසින් ප්‍රේමදාස මහතා ශාරිරීකව ඝාතනය කෙරුවාට වඩා දරුණු ප්‍රතිඵල ගෙන දෙන්නෙකි. 

ලෝකයේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත ක්‍රියාකාරකම් දිනපතා වාර්තා වේ. පසුගිය ඔක්තොබර් 29 වැනි දින ප්‍රංශයේ  නයිස් නගරයේ ක්‍රිස්තියානි පල්ලියක යාඥා කරමින් සිටි සාමාන්‍ය වැසියන් තිදෙනකු බෙල්ල කපා සහ පිහියෙන් ඇන මරා දැමුවේ ‘අල්ලාහු අක්බාර්’ කියමින් තම ආගමේ නාමයෙන්මය. එම කිතුනුවන් මෙම අපරාධකරුවන්ට අගතියක් කළ අයවලුන් නොව සාමන්‍ය පුද්ගලයෝ වෙත්. එම ලේ පැල්ලම් වියළිමටත් පෙර නොවම්බර් 02 වැනි දින ඔස්ත්‍රියාවේ වියනාහි යුදෙව් දෙවස්ථානයක් අසල වෙඩි තැබීම් මගින් සිව් දෙනෙකු ඝාතනය කරනු ලැබ 20 වැඩි සංඛ්‍යාවක් තුවාල සිදු කර ඇත.

අපේ රටේ ද  2019 පාස්කු සිද්ධියට මුහුණ දුන්නේ ද සෑම ආගමකට අයත් වූ සාමන්‍ය පොදු ජනතාවය. එහිදි තම ආගම වෙනුවෙන් මරාගෙන මැරුණ ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ට දෑවීයාම ආගමානුල වුවාද යන්න සබ්‍රී මහතාට අදාළ නැතිවා සේය. මේ සියලු කරුණුවලින් ම පැහැදිලි  වන්නේ ඉස්ලාමයේ අන්තවාදයේ විවිධ පැතිකඩය.

ඉස්ලාමයේ කොටසක් අමානුෂිකව ත්‍රස්තවාදය මගින් තම ඉලක්ක කරා යන අතර තවත් කොටසක් අවහිංසාවාදි ස්වරුපයෙන් මුළු ‘ලෝකයම ඉස්ලාම් කිරීමේ’ (දරුල් ඉස්ලාම්)  ක්‍රමයට දායක වෙති. ඔවුන් තම ජනගහන ප්‍රසාරණය  වනවාත් සමග අනෙක් ජාතින්ගෙන් වෙන් වූ ආහාර, ඇදුම් පැළදුම්, ගෘහ නිර්මණ ශිල්පය ද ඇතුළු තම ආගම සහ අරාබි සංස්කෘතිය වෙනත් දේශයක ස්ථාපිත කිරීමට කටයුතු කරයි. එය සංස්කෘතික වශයෙන් පමණක් නොව දේශපාලන, ආර්ථික මෙන්ම විශේෂයෙන්ම නීතිය ආදි විවිධ කේෂත්‍ර තුළ සිදුකරයි. මේ වැළලීම ඉල්ලා සිටින්නේ ද රටේ පවත්තා නීතියට අභියෝග කර ශරියා නීතිය බලාත්මක කිරීමක් වශයෙනි.

මෙම රජයට බලයට පත් කිරීම සදහා මහා සංඝරත්නයෙත් සිංහල බෞද්ධ ජනතාවගෙත් දායකත්වය සිය ධූරයේ  වැඩ භාරගනිමින් ඵෙතිහාසික රුවන්වැලි මහ සෑ භූමියේ දී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිකර සිටියේ ය. අනතුරුව බහුතරයක් ජනතාව 2/3 ක් ජනවරමක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා දුන්නේය. ඒහෙත් අද එම ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇත. 1947 සිටම වරින් වර බලයට පත් වූ සියලු රජයන් බලයට පත් කිරීමේ ගාමක බලය වුයේ සිංහල ජනතාව වුවද ඒදා සිට මේ දක්වා ම අවස්ථා දෙක තුනක් හැර ඡන්දයෙන් පසු දිනම එම ජයග්‍රහණයේ හිමිකරුවන් වනුයේ අසිංහලයන්ය-පරගැති මනසක් ඇති සිංහලුන්ය.

පසුගිය රජයේ විජාතික වැඩ පිළිවෙල, රටේ මර්මස්ථාන විදේශයන්ට විකිණිම, මහ බැංකු මංකොල්ලය, ජාත්‍යන්තරය හමුවේ රට පවා දීම ආදී කරුණු වලට  සමගාමිව රැගෙන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මහා සංඝ රත්නයේ මැදිහත් වීමෙන් සහ දේශහිතෛෂින්ගේ දායකත්වයෙන් පසුගිය රජයට හකුළා ගැනීමට කටයුතු සිදු විය. එම රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව නව දේශය සුරකින ”රටටම එක් නීතියක්” වන ව්‍යවස්ථාවක් බලගන්වා ගැනීමට,  නව රජයට වසරක් තුළ දෙවරක් විශිෂ්ට ජනවරම් ලබා දී ඇත.

එහෙත් අද අධිකරණ අමාත්‍යවරයා ඒ පොදු ජන පැතුම ”සුන්නත්දූලී කරමින්” එක් ජනවර්ගයක් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් යෝජිත නව ව්‍යවස්ථාව සැකසීම පිළිබඳ ඔහුගේ දායකත්වය පිළිබඳව ජනතාව තුළ සැකසංකා පහළ වී ඇත. මොහොමඩ් අලි සබ්‍රී වැනි ඉස්ලාම් අන්තවාදීයෙකු ඒ් වැදගත් භාරධුර කාර්ය කිරීමට නොසුදුසු සහ අපොහොසත් වන බව බහුතර ජනතා‍වගේ මතයයි. එක් පුද්ගලයෙකු වෙනුවෙන් රටක් ආ පස්සට ගැනීම සම්බන්ධව 69 ලක්ෂයක් ජනතාවක් තවදුරටත් ඉවසනු ඇති ද?  එබැවින් රජයට ඒ් සඳහා සුදුසුම විසදුම නම් වෙනත් සුදුසු අයෙකු අධිකරණ අමාත්‍යවරයෙකු පත් කර ගැනීමය. එසේ නොවී අලි සබ්‍රී මහතා අධිකරණ අමාත්‍යව සිටී නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත විම තබා එය සාකච්ඡාවටත් පෙර ජනතාවට බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදුවනවා නොවනුමානය.

සතුරන්ට වඩා ළඟම සිටින ව්‍යාජ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීම වඩා වැදගත්ය.  

වෑවල

Related posts

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !

colombotoday

මිය ගියේ මංගල ලකුණ ද?

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

හිසට බර උකුණු උවදුර

colombotoday