Colombo Today Local News

“වැඩ කරන්න බැරිනම් මම ඇමතිකම දාල යනවා“ අලි හබය නිසා ෆොන්සේකා කණස්සල්ලෙන්…

සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ දක්වා කිසිදු උපදෙසක් ලැබි නොමැති බවත් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිරීමට නොහැකි නම් තමා වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

සිංහරාජ අලි දෙදෙනා ඉවත් නොකොට සිංහරාජ තුළම රඳවා අලින්ට වෙනම ස්ථානයක් සකස් කිරීමට පසුගියදා ජනපතිවරයා පැවැසීමෙන් පසු තමා ඒ සඳහා ස්ථානයක් තෝරා ගත් බව අමාත්‍යවරයා කීය. ඒ අනුව රක්වාන ප්‍රදේශයේ පිහිටි ඩිපර්ඩින් වතුයායෙන් අක්කර 50ක භූමි භාගයක් මේ සඳහා තෝරා ගෙන ඇත.

මෙම වත්ත මේ සඳහා වෙන් කර ගැනීම සඳහා වතු සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙන ලෙස තමා ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම මෙම අලින් සඳහා වෙන් කරන කොටුව සෑදීමට අවශ්‍ය උපකරණ සූදානම් කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවටද තමා උපදෙස් දුන් බව ඒ මහතා කීය. මෙම ප්‍රදේශය තුළ අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අක්කර 50 භූමි ප්‍රමාණය කොටු කිරීම සඳහා මාස 3ක් පමණ ගත වන බව හෙතෙම පැවැසීය. මාස තුනක් ඇතුළතදී මෙම කාර්ය සිදු කිරීමට තමාට උපකාර නොකරන්නේ නම් තමා වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඒ මහතා කියා සිටියේය. තමා ඉවත් වුවහොත් වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාද එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. ජනපතිවරයාගේ උපදෙස් තමා පිළිගත්තද ජනපතිවරයා මේ සඳහා තවම කිසිදු උපදෙසක් ලබාදී නැතැයි හෙතෙම පැවැසීය.

ලක්බිම

Related posts

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙට

Admin

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

අගමැති ලේකම් කාර්යාලයේ වියදම් කපන යෝජනාව ඡන්ද 123කින් සම්මතයි

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

දළදා මාලිගාවටත් ඉහළින් යන පල්ලියක් හදන්න ගිය අයට මල්වතු අනු නාහිමි කීව දේ – සම්පූර්ණ වීඩියෝව

colombotoday