Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේම

එම නිවේදනය පහතින් දැක්වේ,

Related posts

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

Admin

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නෞකාවේ බොර තෙල් කාන්දුවක් නැහැ.. මුහුදේ ඇති ඩිසල් පැල්ලමට ගුවනින් රසායන ද්‍රව්‍ය ඉසියි

colombotoday

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday