Colombo Today Local NewsCovid 19

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති රැඳවියා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි. ඔහු මේ වන විට නිරෝධායනයට යොමු කොට සිටි අයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2782ක් වන අතර සුවය ලැබූ රෝගීන් ගණන 2106ක් වේ. දැනට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 665ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නවතන්න සැලසුම් සකස්න්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි. ස්ථාන මාරුවටත් සූදානම් – නගරදිපති බේරමින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කියයි

colombotoday