Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේ සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය සොයා ගනී

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑතකාලයේදී සොයාගත් වැඩිම හෙරොයින් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකි වී තිබේ. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 20 කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම බන්ධනාගාරයේ YO වාට්ටුවේ රදවා සිටි සිරකරුවෙකු සතුව තිබී බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඔහු හෙරොයින් සම්බන්ධ නඩුවකට වරදකරු වී සිරදඩුවම් විදින සැකකරුවෙකි.

වාට්ටුවෙන් පිටත සිටින අවස්ථාවකදී ඔහු පිළිබද සැක සිතී වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නියාමකවරයෙකු විසින් සිරකරු පරීක්‍ෂා කර තිබේ. එහිදී ඔහු සිය ශරීරයේ මෙම හෙරොයින් ප‍්‍රමාණය සගවා ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර ආශි‍්‍රතව සිදුවන විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා මේ වනවිට මෙහෙයුමක්ද ආරම්භ කර අවසන්. ඒ අනුව එක් එක් බන්ධනාගාරවල ඇති තහනම් භාණ්ඩ සහ ද්‍රව්‍ය වහාම ඉවත් කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනුම් දී ඇත. එම කටයුතු සති දෙකක් තුළ අවසන් විය යුතු බව ද අවධාරණය කර තිබේ.

ඉන්පසු බන්ධනාගාර මූලස්ථානයේ කි‍්‍රයාත්මක බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර හදිසි පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි. එවිට යම් බන්ධනාගාරයකින් තහනම් භාණ්ඩ බුද්ධි අංශ නිලධාරීන් සොයාගත හොත් එහි වගකීම බන්ධනාගර ඉහළ නිලධාරීන් භාරගත යුතු බවටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ.

Related posts

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා.. ජනපතිට එය ඉරාදමන්න ආණ්ඩුවට 2/3 බලයක් දෙන්න- විමල්

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

colombotoday

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday

ජනාධිපති සමාව අදාලද නැද්ද සොයා බලා තීරණයක් ගන්නම්. ඥානසාර හිමිට එරෙහි අපෑල කැඳවු අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයා කියයි.

colombotoday