Colombo Today Local News

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

මාවනැල්ල පොලිස් වසමේ මාවෙල, හිඟුල ලිපිනයේ පදිංචිව සිටි කුඩා දැරියක් මිඳුල අතුගාමින් සිටිය දී වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැසිකිළි වළට යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණයෙන් කොටසක් කැඩී එය තුළට වැටී තිබේ.

පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 14 ක් වු හිඟුල ප්‍රදේශයේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

පශ්චාත් මරණ පරීක්ෂණය මාවනැල්ල රෝහලේ දී සිදුකර ඇති අතර, එහිදී විෂ වායුවක් ආග්‍රහනය වීමෙන් දැරිය මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.

ඊයේ (27)දින උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

colombotoday

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

colombotoday

ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??

colombotoday

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයි

colombotoday

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

“සල්ලි දුන්නේ ඇලෝසියස්ගේ සමාගමකින් බව දැනන් හිටියෙ නෑ…” බැදුම්කර සන්තෝෂම් ගැන සුජීව දැන් කියන කතාව

colombotoday