Colombo Today Local News

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

ඉදිරියේදී  ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්විනි.

ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී ඊයේ (05)  පැවති මෙම සාකච්ඡාවේදි අනාවරණය වූ කරුණු අනුව 2020 වසරේ අප්‍රේල් – මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට බලපෑ හැකි අතර එම අර්බුදය, විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත්,  එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2019 -2020 යන කාලසීමාවේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණවන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීම බවයි. මෙසේ අමතර ධාරිතාවයක් එක්කල හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඒ තුළින් පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම  අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇතැයිද මෙහිදී අනාවරණය විය‍.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල ක්ෂේත්‍රයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන්නේ, මෙසේ ජාතික පද්ධතියට අළුතින් විදුලි ධාරිතාවයක් එක් නොවිමට ප්‍රධාන හේතුව වන්නේ, ජාතික විදුලිබල පනත බවයි. අදාළ පනතේ පවතින යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බව එම නිලධාරීන් පෙන්වා දෙන ලදී.

ඉහත කරුණු පිළිබදව අවධානය යොමුකළ විෂයබාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අදාළ විදුලිබල පනත පිළිබදව කරුණු සොයා බලා, විදුලි නිෂ්පාදනයට එම පනත මගින් කිසියම් බාධාවක් වන ආකාරයේ වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කර, විදුලි නිෂ්පාදනය වෙනුවෙන් එල්ලවී ඇතැයි සැලකෙන බාධාවන් ඉවත් කිරීම සදහා විදුලිබල ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන්  විශේෂ කමිටුවක් පත් කරන ලදී. එසේම ලබන සතියේදී මේ සම්බන්ධයෙන්වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද කළයුතු බවද අමාත්‍ය අමරවීර මහතා පැවසීය.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වසර 2020 වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ ගකළ යුතු බවත්, ඒ සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයට රජයේ ඉඩම් වලින් තවත් අක්කර 10ක ප්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කල යුතු බවට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන්ම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ අවධානයක් යොමුකර ඇති බැවින් ජනතාව අසීරුවට පත්වන ආකාරයේ විදුලි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු  කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් මෙහිදී අමාත්‍ය අමරවීර මහතා අවධාරණය කළේය.

Related posts

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

colombotoday