Colombo Today Local News

විපක්ෂයේ කුහක කටයුතු – ජයන්ත සමරවීර

අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජා.නි.පෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අද (17) පිටකෝට්ටේ පිහිටි ජා.නි.පෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීපවසා ඇත.

ලොව බලවත්ම රාජ්‍යයන් කොරෝනා වසංගතය පාලනයට අසමත් වෙද්දී මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව බුද්ධි අංශ ඇතුළත්ව ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් වසංගතය සාර්ථකව පාලනය කිරීමට අද ආණ්ඩුව සමත් වී ඇති බව පෙන්වා දුන් සමරවීර මහතා, එවැනි තත්වයක් හමුවේ විපක්‍ෂය පෙන්නුම් කළේ ලොව කිසිදු රටක විපක්ෂයක් සිදු නොකරන අන්දමේ පිළිකුල් සහගත භාවිතයක් බව ද සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාව හා බුද්ධි අංශ, වසංගත රෝග පාලනයට යොදවා ගැනීම වැරදි තීන්දුවක් බව පවසමින් රණවිරුවන්ට මානසික බාධාවක් ඇති කරමින් ද සැබෑ මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සඟවමින් තොරතුරු වසන් කරනවා යැයි කියමින් ජනතාව තුළ කුකුසක් ඇති කරමින් ද ජනාධිපතිවරයාගේ මුදල් බලතල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් ද සිදුකළ පහත් පෙළේ ක්‍රියාවන් නිසා එළඹෙන මහ මැතිවරණයේදී රනිල් – සජිත් දෙපිළ මිහිදන් වීමත් 3%ක ජනවරමක් හිමිව තිබූ ජවිපෙ අතුරුදහන් වීමත් නිසැක බව හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලොවටම ආදර්ශයක් වූ මෙරට කොරෝනා වසංගත පාලන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ගජබින්න ඇද බෑ විපක්ෂය, ‘කිඹුල් කෝලමක්’ පෙන්වා රටම නොමඟ යැවූ, මෙරට ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න වැනි වංචනිකයකු සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග දේශපාලන පලිගැනීම් බවට වර ගැන්වීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කළ හැකි නැණවත්, ගුණවත්, බලවත් පාලනයක් බිහිකර ගැනීම මෙරට බහුතර ජනතාවගේ අභිලාෂය බවත් එය ඉටුකරගත හැකි පරිදි, සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණු වහාම කොවිඞ් – 19 වසංගත තත්වයට අනුරූපී නිර්ණායක ද සහිතව මහ මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස තම පක්ෂය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

colombotoday

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක් කැමරාවේ සටහන් වෙයි

Admin

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

අගමැති ධුරයෙන් ඉවත්වෙන්නැයි ජනපති මෛත්‍රී අගමැති රනිල්ට දන්වයි !!

colombotoday