Colombo Today Local News

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී අද (23)දින සිදුවිය.

හිටපු ජනාධිපතිනියගේ නිවසේදී පැවති මෙම හමුවේදී ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුල එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත් ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි.එමෙන්ම ශ‍්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමවිය.ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද ඔවුහු එහිදී අදහස් හුවමාරු කරගත්හ.

Related posts

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

colombotoday

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

colombotoday

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට…

colombotoday