Colombo Today Local News

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධිනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංඛේතයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ත්‍රස්තවාදය ස්ථීර ලෙස පරාජය කර රටට සාමය සහජීවනය උදාකළ විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කෙරෙන රණවිරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරිමට නම් ස්වාධින ජාතියක් ලෙස එක්ව නැඟී සිටිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පසුගිය සමයේ රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගත වූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ත ජනතාවම කම්පාවට පත්ව සිටි අතර ලොව විනය ගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් මෙරට සන්නද්ධ හමුදා නිලධාරින්ගේ ගෞරවයට හානි කළ බොහෝ දේ එම කාලයේදී සිදු වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන් සංවේගයට පත් ජනතාවගේ අපේක්ෂාව වුයේ අසාධාරණය වෙනුවට සාධාරණය තහවුරු කොට රණවිරුවා කළ කැපකිරිමට නිසි ගෞරවය අත්කරදිම බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රාර්තනාවා ඉටු කිරිමට වත්මන් රජයට හැකි වූ බව කියා සිටියේය.

Related posts

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් 32කට කොවිඩ් | පොලිස් රාජකාරි අඛණ්ඩව

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin